Windows 7 වල Software එකක් නැතුව සිංහලෙන් Type කරමුද?
( Type sinhala without Software )
මෙන්න ගෙනාව ඉතින් නියම වැඩ කෑල්ලක්.... මම ඔයාලට දැන් දෙන්න යන්නෙ ඔයාල මෙච්චර කල් හොය හොයා හිටපු නියම වැඩ කෑල්ලක් තමා... ඉතින් කොහොමද Software එකක් නැතුව සිංහලෙන් Type කරන්නෙ කියල... මම හිතනව මේක දන්න අය ගොඩක් අඩුයි කියල... එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව අපි වැඩේට ඉක්මනින්ම බහිමු නේද.... ☺ ☺ ☺ ☺ ☺
මෙන්න එහෙනම් මම ඔයාලට ලේසි වෙන්නත් එක්ක Photos ටිකකුත් පහළින් දාන්නම්
මුළින්ම ඔයාලා Control panel එකට යන්න.
ඉන්පසු "Clock Language and region" කියන එක Click කරන්න'
ඒකෙ තියෙන Formats කියල තියෙන tab එක ගන්න ඊට පසු ඒකට යටින් තියෙන එකේ Sinhala (Sri Lanka) කියන එක තෝරල දෙන්න
හරි ඒකත් ඉවරයිනෙ එහෙනම් ඉතින් දැන් අන්තිම වැඩේ.... දැන් යන්න Location කියන tab එකට
ඒකට පහළින් තියෙන එකේ Sri Lanka කියන එක තෝර ගන්න..... හරි එහෙනම් ඉතින් දැන් වැඩේ හරි
දැන් ඔයාලගෙ Toolbar එකේ දකුණු පැත්තෙ කොනේම ඇති EN කියල එකක්.. දැන් එන්න ඒක Click කරන්න... ඊට පස්සෙ Sinhala (sri lanka) කියන එක ගන්න... දැන් ඕක වැඩද කියල බලන්න ඕන නම් ඔයාල text File එකක් Open කරල Type කරල බලන්නකො... කොහොමද දැන් ඉතින් සිංහලෙන් නියමෙට වදිනව නේද
එහෙනම් ඉතින් සමහර අයගෙ Keyboard වල සින්හලෙන් අකුරැ දාල නැතුව ඇති නේද...එහෙනම් මෙන්න ඒකටත් විසදූමක්, මෙන්න මේ පින්තූරය Download කරගෙන තියාගෙන දන්නෙ නැති අකරු මේකෙන් බල බල Type කරන්න.
☺☺☺☺☺☺☺☺☺☺☺☺
ඔය දකුණු පැත්තෙ තියෙන FB like Box එකටත් Like එකක් දාගෙනම යන්න......
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon