Control Panel එක පිටිපස්සෙත් files හංගමු.

Control Panel එක පිටුපස files සැගවීම.




files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ.  සාමාන්‍යයෙන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්ථක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.


01 පියවර :- මුලිනම Open කරගන්න Notepad එක.

02 පියවර :- ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන Notepad එකට paste කරන්න. මතක් කරලා මේකෙ Sinhalahackz කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren Sinhalahackz Sinhalahackz.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}

03 පියවර :- File > Save As… ගිහින් File Name එකට Lock.bat ලෙස යොදා Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව Sinhalahackz කියන තැනට folder එකේ name එක දෙන්න.

ren Sinhalahackz.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} Sinhalahackz

05 පියවර :- File > Save As… ගිහින් File Name එකට key.bat ලෙස යොදා Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික ඒ පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕනFolder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා Sinhalahackz නමුත් ඔයාල ඒවෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් ඒ Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ folder එකක් කියලා.

07 පියවර :- ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙඕනනම් අර key.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.


බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතනතියන්න එපා මොකද එතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න ඒ නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්න ආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.

ස්තූති නොකලත් කමක් නෑ..... පුළුවන් නම් Comment එකක් දාගෙන යන්න.

මූලාශ්‍රය - SOFTWARE සරලව
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon