IDM එකෙන් Download වෙන්න කලින් Quality Check කරමුද?

IDM එකෙන් Download කරන අය Download වෙන්න කලින් Quality Check කරන්න

ඔන්න මම අද ගේනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. අපේ යාළුවො films, video Songs එහෙම IDM එකෙන් Download කරනවා ඇති නේද? එ්කේ quality එක බලන්න වෙන්න ඒක Download Complete වුනාට පස්සෙනෙ නේද?. මම නම් හොඳ quality film කියලා Download කරලා තියෙනවා download උනාට පස්සෙනෙ quality එක පේන්නෙ. මල පනිනවා quality එක දැක්කම. BlRIp කියල සමහර sites වල Camera copy දාලා තියෙනවා. මම නම් ගොඩ කාලෙකට ඉස්සර එ්වට අහුවුනා. දැන් නම් ඉතින් මම ඔය බොරු කාරයන්ට අහු වෙන්නේ නෑ.

ඉතින් film, Video Songs සම්පුර්ණයෙන්ම Download වෙන්න කලින් Quality එක බලා ගන්න විදිහක් ගැන තමයි ඔයාලට කියන්නෙ. 
මේකට මුලින්ම ඔයාල මොනවා හරි Video song එකක් හරි film එකක් හරි download වෙන්න දාන්න. එක 2Mb /3Mb වගේ Download වෙන්න තියල IDM එක Pause කරන්න.
ඊට පස්සෙ IDM එක open කරල පහල තියෙන Photo එකේ වගේ Downloads Tab එකට ගිහින් Options තෝරන්න. 


ඊට පස්සෙ Save to කියන tab එක Click කරන්න. පහල තියෙනවා වගේ window එකක් open වෙයි. එකේ Temporary Directory කියල තියෙන තැන තිබෙන Address එක Copy කර ගන්න. 


My Computer ගිහින් Address Bar එකේ paste කරල enter Button එක press කරන්න. 


ඊළඟට පහල Photo එකේ තියෙන ආකාරයේ Folder එකක් ඇති එක open කරගෙන ඒක ඇතුලෙ ඇති ඔයා download කරපු Film එක හරි Video song එකේ හරි නමින් Folder එකක් ඒක ඇතුලට ගිහින් VLC player එකෙන් හරි නැත්නම් මොකක් හරි හොඳ player එකකින් open කරගෙන බලන්න Quality ඒක හොඳද කියල. හැබැයි ඕක ඇතුලෙ තියෙන අනිත් Files & Folders එහෙම Delete කරන්න එපා. 


කොහොමද පට්ට නේද වැඩේ. මේක ඔයාලට වැදගත් වුනා නම් Comment එකක් දාලම යන්න.

මගෙ Blog එක Load වෙන්න ගොඩක් වෙලා යනවා නම් ඒකත් කියන්න..........
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon