| ටින්ටින් ගේ වික්රම: කඟවේනාගේ අභිරහස
%.....% සිංහල උපසිරැසි සමඟ %.....%
හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්රපටියක් අරගෙන ආවා. අපේ කොයි කව්රුත් කැමතිම චරිතයක්නේ Tin Tin කියන්නේ..... මේක කට්ටිය බැලුවද දන්නෙත් නෑ..... කමක් නෑ මමත් දුන්නා...
කොහොම වුනත් මේකටත් Sub දීලා තියෙන්නේ බයිස්කෝප් එකෙන් තමයි. “ අමිල මනනදේව ” කියන අයියා තමයි Sub එක දීලා තියෙන්නේ.
මම දැන් චිත්රපටිය ගැන ටිකක් කියන්නම්. මේ චිත්රපටිය 2011 දී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝප්රකට සිනමාකරු Steven Spielberg ගේ අධ්යක්ෂනයක් වුන මේ චිත්රපටිය ත්රිමාණ සජීවීකරණ චිත්රපටියක්. Jamie Bell, Andy Serkis, Daniel Craig වගේ ජනප්රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්රපටිය සදහා හඩ ලබා දෙනවා.
ඉතින්, වාර්ථාකරු ටින්ටින් ගැන අහලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? මේ චිත්රපටියේ කථාව සඳහා පාදක වෙන්නේ කථා මාලාවේ THE SECRET OF THE UNICORN කියන කථාව. ටින්ටින්ට එයාගේ අතිජාත මිත්රයා කැප්ටන් හැඩොක් මුණගැගෙන්නෙත් මේ කොටසේදී.
කඟවේනා නෞකාව කියන්නේ කැප්ටන් හැඩොක්ගේ පරපුරට අයිති ගිළුන නැවක්. මේ නැවත් එක්ක බැඳුන හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් තියනවා. ටින්ටින් දවසක් මේ නැවේ ආකෘතියක් මිලදී ගන්නවා. මේ ආකෘතියත් එක්ක අවාසනාවන්ත සිදුවීම් රැසක් ටින්ටින් කරා පැමිණෙනවා. ඉතින් හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න මේ අභිරහස මොකක්ද ටින්ටින්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වෙයිද?
ඉතින් චිත්රපටිය බලලා මේ ප්රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලම කරන්න....
දැන් ඔය දෙක බලන්න කලින් Comment එකකුත් දාලා FB එකට Like එකකුත් දාගෙනම යන්න.....
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon