PC එකේ Autorun Virus එකද, මෙන්න විසදුම....

PC එකේ Autorun Virus එකද, මෙන්න විසදුම....


මෙන්න තව පොඩි ට්‍රික් එකක් ගෙනාවා. අපේ ගොඩක් උන් PC එකේ Autorun virus එක කියලා ගොඩක් නිතර නිතර PC එක ෆෝමැට් කරනවා. හරි එහෙනම් අද කියලා දෙන්න යන්නෙ ෆෝර්මැට් එකක් ගහන්නෙ නැතිව කොහොමද PC එක ගොඩදාගන්නෙ කියලා.

එහෙනම් වැඩේට බහිමු. මේකට කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕනෙ නෑ. ඒ කිව්වෙ මේකට ඕනෙ PC එක විතරයි. හරි එහෙනම් බහිමු වැඩේට..

1.) Command Promt Open කරන්න. ( Start → Run → Cmd (type) & Enter)

2.) එහි Cd\ යනුවෙන් කරන්න.

3.) ඉන්පසු ඔබ වයිරසය අතැයි සිතන හාඩ් ඩිස්‌කය සිලෙක්‌ට්‌ කරන්න.
( Ex:Type like this " D: " >Pres Enter )

4.) ඉන්පසු “attrib -h -r -s autorun.inf” Type කර Enter ඔබන්න.
5.) ඉන්පසු “del autorun.inf” Type කර Enter ඔබන්න.


මෙලෙස ඔබගේ සියළුම හාඩ් ඩිස්‌ක ඉහත දෑ ඉහත ආකාරයට සිදුකරන්න.
ඉන්පසු පරිගනකය Restart කරන්න.

හරිනෙ ඔන්න තේරෙන සිංහලෙන්ම දුන්නා. එහෙනම් ගුඩ් ලක්. වැඩේ කරලා බලලා අවුලක් තිබුනොත් කමෙන්ට් කරන්න.

දැන්වීමයි - මේක ඩෙක්ස්ටොප් එකේ රන් කරන්න නම් එපා. කරලා බැලුවත් කමක් නෑ. එහෙම කලොත් වෙන්නෙ ‍ඩෙක්ස්ටොප් එකේ තියන ෂෙ‍ා්ර්ට්කට් ටික මැකිලා යයි.

හරි ඔන්න ඒකත් කිව්වා. එහෙනම් අළුත් වැඩක් අරගෙන ආයෙත් එන්නම්.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon