ලිනක්ස් ඩිස්ට්‍රෝවක් ලබා ගමු..

ලිනක්ස් ඩිස්ට්‍රෝවක් ලබා ගන්නා ආකාරය.


උබුන්ටු ලබා ගන්නා ආකාරය.
මෙච්චර දවසක් කථා කරපු ලිනක්ස් ඔයාලගෙ පරිගණකයට ස්ථාපනය කරගන්න හැටි ගැන තමා දැන් කථා කරන්නේ. මේ සඳහා මම උබුන්ටු ලිනක්ස් ඩිස්ට්‍රෝව තෝරගත්තේ ආධුනිකයෙකුට බොහෝම ලේසියෙන් උබුන්ටු පාවිච්චි කරන්න පුළුවන් නිසයි.

උබුන්ටු ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. ඊට කලින් ඔබ ඔබට ගැලපෙන උබුන්ටු සංස්කරණය තෝරා ගෙන එය ලබා ගත යුතුයි.

උබුන්ටු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහාද, සර්වර් පරිගණක සඳහාද ලබාගන්න පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඉන්ටෙල් සමාගමේ සකසනයක් නම් හා ඔබට අවශ්‍ය වන්නේ 32 බිට් සංස්කරණයක් නම් මෙතනින් අදාල උබුන්ටු සංස්කරණය ලබා ගන්න. මේක ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා වන නවතම ස්ථායි බිටු 32 උබුන්ටු සංස්කරණයයි. ඔබේ පරිගණකය බිටු 64 සඳහා සහයෝගය දක්වන එකක් නම් මෙතනට පිවිස පහත රූපයේ පරිදි 64 බිට් ලෙස තෝරාගැනීම සඳහන් කොට උබුන්ටු 64 - bit සංස්කරණය ලබා ගන්න.


ටොරන්ට් මඟින් මෙම උබුන්ටු සංස්කරණ ලබා ගැනීමට පහත අදාල සංස්කරණය මත ක්ලික් කරන්න.

උබුන්ටු 12.04 බිටු 32 ඩෙස්ක්ටොප් සංස්කරණය ටොරන්ට්. 
උබුන්ටු 12.04 බිටු 64 ඩෙස්ක්ටොප් සංස්කරණය ටොරන්ට්.

ඔබට සර්වර් සංස්කරණයක් හෝ ක්ලවුඩ් සංස්කරණයක් අවශ්ය නම් මෙතනට පිවිස ඔබට අවශ්ය එක තෝරා ගන්න.

ලිනක්ස් ඩිස්ට්‍රෝ ලිපියේ සඳහන් වූ ඕනෑම ලිනක්ස් ඩිස්ට්‍රෝවක් එම ලිපියේ ඇති ලින්ක් මඟින් ලබා ගත හැක.

මොකක් හරි අවුලක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇඩ් දාපු එක අවුලක් ගන්න එපා. දැන් ඒක හදලා තියෙන්නෙ. බ්ලොග් එකට එද්දි මොකක් හරි අපහසුතාවයක් ඇති වෙනවා නම් කමෙන්ට් කරන්න.

මම හිතනවා මේ කියලා දෙන දේවල් තේරෙනවා ඇති කියලා. තේරෙන්නෙ නැත්තම් ලැජ්ජා නොවී කමෙන්ට් කරන්න. පුළුවන් උදවුවක් කරන්නම්.

එහෙනම් වැඩේ ගැන කමෙන්ට් කරගෙනම යන්න. හැකින් අනං මනං ඉගෙන ගන්න කැමති නම් මේ පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.

Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
November 4, 2015 at 5:50 PM ×

ela , mama Linux thmai use karanna

Congrats bro Nadun Ranaweera you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon