ලිනක්ස් මුල සිට - Linux Tute 3

Linux Distro හෙවත් ලිනක්ස් බෙදා හැරීම්.


අපි මෙච්චර වෙලා කතා කරපු ලිනක්ස් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝමයක් තියනවා. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරනවා. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්න.




ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. (මෙම සිංහල විකි පිටුව යාවත්කාල කර නොමැත. නවතම ස්ථාවර නිකුතුව : 12.04 LTS Precise Pangolin / 26 April 2012; 3 months ago ලෙසද, නවතම අස්ථාවර එකතුව : Quantal Quetzal Alpha 3 / 26 July 2012; 29 days ago ලෙසද, වෙනස් විය යුතු අතර වැඩි විස්තර සඳහා මෙතෙන්ට යන්න.)

ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ තියනවා. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.

උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.

උබුන්ටු ආරම්භක මෙනුව. 


උබුන්ටු සෙවුම.

මේ තියෙන්නෙ එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසලා තියනවා.

උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැන කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ.



ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 

ෆෙඩෝරා මෙනුව




ආරම්භක තිරය


මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.

ලිනස්ක් මින්ට්


ආරම්භක තිරය


තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි. සියළුම ඩිස්ට්‍රො මේ ලිපියෙන් බලා ගන්න පුළුවන්. තවත් ආස හිතෙන ඩිස්ට්‍රො කීපයක් ගැන කෙටියෙන් ලියන්නම්. ඒ ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබට ඒවා ලබාගන්නත් පුළුවන්.

උබුන්ටු ස්ටූඩියෝ - මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
පියර් OS - මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
සොලාරිස් - ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
ඕපන් සූසේ - තවත් එක් ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්.

මෙසේ සිය ගණනක් වූ ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් ඔබට ගැළපෙන ඕනෑම ඩිස්ට්‍රෝවක් නොමිලේම ලබා ගෙන එන්න ලිනක්ස් ලෝකෙට......

මේ නිදහසේ ජීවත් වීමට හොඳම වෙලාවයි.

එහෙනම් අපිත් එක්ක ටච් එකේ ඉන්න. පුළුවන් වෙලාවට ඊළග එකත් දාන්නම්. මේක ෂෙඩුඑල් දාලා තියෙන්නෙ බං. ස්කූල් යන්නත් එපැයි. හරි ගෙදර ආවාම තියන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ප්‍රශ්ණ තියේ නම් බය නැතිව, ලැජ්ජා වෙන්නෙ නැතිව අහන්න....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
October 19, 2015 at 3:38 PM ×

ඔයාලගෙ වැඩේ ඉස්තරම්. ඒත් මේ දාලා තියෙන signup form තොගය මල පනින කරදරයක්. මේකෙන් readersල අඩුවෙනවා මිසක වැඩිවෙන්නෙ නෑ. side bar එකේ ඉහල suscription box එකක් දාන්න ඒකෙන් අවශ්‍ය අය regiter වෙයි.

Reply
avatar
Mr Elite_x
admin
October 19, 2015 at 9:17 PM ×

හරි මචං.. දැන් හරිද කියලා පොඩ්ඩක් බලලා කියහන්. මේ Ref Form නෙවෙයි. ඇඩ් ටිකක් දැම්මා. ඒකයි....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon