ලිනක්ස් මුල සිට - Linux Tute 2

ඇයි ලිනක්ස් මෙච්චර හොඳ....???


මුලින්ම කියන්න ඕනෙ කලින් ලිපියට හොද රිප් ටිකක් නම් තිබුනා. ඒවාට මුලින්ම තෑන්ක්ස්. මෙන්න දෙවෙනි කොටස.. තාම ලිනක්ස් වලට නම් බැස්සෙ නෑ. ක්ලාස් ගිහිල්ලා ආපු ගමන්ම තමයි මේක ලියන්න ගත්තෙ. එහෙනම් මේක ගැනත් දැනගෙන ඉමු.

ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය ලෙස ලිනක්ස් තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. කියවන්න ලේසි වෙන්නත් එක්ක ඒවා එකින් එක කරුණු වශයෙන්ම කියන්නම්කෝ.. අමතක වෙච්ච හේතුවක් තියෙනවා නම් එකතු කරන්නත් පුළුවන් ඕන්.... (කමෙන්ට් එකක් දාන්න, පුළුවන් වෙලාවක මේ පෝස්ට් එකට එකතු කරන්නම්.)


නොමිලේ ගන්න තියෙන කොට ඇයි මංකොල්ල කන්නේ ?
ඔයාලා දැනටමත් Windows හෝ එවැනි වාණිජ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන කෙනෙක් නම් "අපි නම් Windows වලට ගෙවලා නෑ" කියලා කියන අයෙක් වෙන්න පුළුවන්, චුට්ටක් හිතලා බලන්නකෝ ඒක ඇත්තමද කියලා..?

ඔයාලා භාවිතා කරන ලැප්ටොප් එක හෝ පරිගණකය Windows සමඟින් ආපු එකක් නම් ඔබ දැනටමත් ඔබේ පරිගණකයට වැය වුන මුදල වගේ දෙතුන් ගුණයක් මෙහෙයුම් පද්ධතියට ගෙවපු කෙනෙක්. මංකොල්ලකාපු Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන තරම් පහත් වැඩක් නොකරන කෙනෙක් නම් ඔබ ඔබගේ මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සෑහෙන්න ගාණක් Microsoft සමාගමට ගෙවපු කෙනෙක්. ඉතිං ලිනක්ස් වගේ සියල්ල සපිරි මෙහෙයුම් පද්ධති ඕනෑ තරම් නොමිලේම ගන්න තියෙද්දි ඇයි නිකන් මුදල් නාස්ති කරන්නේ ?? එහෙමත් නැත්තම් ඇයි නිකරුනේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්නේ.

වෛරස් ගැන අමතක කරන්න.
වෛරස් ආසාදන නිසා ඔයාලගෙ පරිගණකය කීවතාවක් නම් format කරලා ඇද්ද...? මේ ජරා වෛරස් නිසා පරිගණකය භාවිතා කරන එක කී සැරයක් නම් එපා වෙලා ඇද්ද..?

ලිනක්ස් වලට ආපු දවසේ ඉදන් වෛරස් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා නිදහසේ පරිගණකය භාවිතා කරන්න ඔබට පුළුවන්. ඒ කියන්නෙ වෛරස් ආසාදනය වීම ලිනක්ස් වලට බලපාන්නෙ නෑ..

Drivers නම් ඕනෙම නෑ.
අළුතින් දෘඩාංගයක්, අඩුම ගානේ HSDPA Dongle එකක් පවා භාවිතා කරන්න යනකොට Drivers ගැටළු කීයක් නම් ඔයාලට ඇවිල්ලා ඇද්ද..? ලිනක්ස් එක්ක මේ සියළුම Drivers ප්‍රශ්න අමතක කරලා දාන්න පුළුවන්. ඇත්තටම දැනට අපි නිතර භාවිතා කරන සියළුම දෘඩාංග වලට අදාළ සියළුම Drivers ලිනක්ස් කර්නල් එකේ තියෙනවා. ඉතිං අමුතුවෙන් Drivers ගැන ළතැවෙන්න ඕනේ නෑ.

පරණ පරිගණක වලිනුත් වැඩ ගන්න.
අපි දන්නවා Windows වල අළුත් සංස්කරණ එන්න එන්න ඒවා ඉල්ලන මූලික අවශ්යතාත් වැඩි වුනා. ඒක නිසා බොහෝමයක් දෙනාට එක්කෝ තමන්ගේ පරිගණකය වැඩි දියුණු කරන්න වුනා, නැත්තම් ඒ පරණ පරිගණකය විසි කරන්න වුනා. ඒත් ලිනක්ස් වැඩි දියුණු වෙන්න වෙන්න ඉල්ලන අවශ්යතා අඩු වුනා. කොටින්ම කියනවා නම් දැන් ලොකේ තියෙන අළුත්ම ලිනක්ස් සංස්කරණයක් එක්ක වැඩ කරන්න 256MB රැම් එකක් තියෙන පරිගණකයකටත් පුළුවන්. ඉතිං එහෙව් එකේ මොකටද වැඩි මුදලක් දීලා ඉල්ලන් කන්නේ...?

අළුත් මෘදුකාංග හොයන්න වටේ යන්නේ ඇයි..?
Windows භාවිතා කරද්දි මොකක් හරි අළුත් මෘදුකාංගයක් ඕන වුනොත් දස අතේ හොයන්න වෙන බව කවුරුත් දන්නවනේ. ඉතිං ලිනක්ස් එක්ක නම් එහෙම වද විදින්න ඕනෙම නෑ. මෙහෙයුම් පද්ධතියක් එක්කම ලැබෙන තවත් මෘදුකාංග මගින් ඒ ඒ අවශ්ය සියළුම මෘදුකාංග එක ක්ලික් එකකින් ඔබට ලබාගන්න පුළුවන්.

එකි‍න් එක විස්තර කරලා ලියන්න බැරිතරමට හේතු තියෙනවා ලිනක්ස් භාවිතා කරන්න. හරි තව ටිකක් කෙටියෙන්ම ලියන්නම්කෝ.....

  • පරිගණකය සමඟ වේගයෙන් වැඩ කරන්න.
  • අවශ්ය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරගන්න.
  • අදාළ සියළුම උපදෙස් නොමිලේම ලබාගන්න.
  • කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කරගන්න.
  • පද්ධතියේ ස්ථවාර බව වැඩි කරගන්න.

මේ වගේ හේතු බොහෝමයක් තියෙනවා ලිනක්ස් වලට මාරු වෙන්න. ඔබට දැනටමත් Windows අතඇරගන්න බැරි විශේෂ මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා. එහෙනම් එන්න ලිනක්ස් ලෝකෙට....! අපි දැන්වත් හරි දේ කරමු...

මම දන්න විදිහට තමයි මේවා කියල‍ා දෙන්නෙ, වැරදි මුකුත් තියනවා නම් දැනුවත් කරන්න. ඔයාලගෙ අදහසුත් මේකට එකතු කරන්න පහලින් කමෙන්ටුවක් දාගෙන යන්න....

පුළුවන් නම් අපි දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා අපිට සහයෝගය දෙන්න....
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
October 28, 2015 at 9:03 PM ×

Patta mchn thawa ma waga poset dahan

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon