ලිනක්ස් මුල සිට - Linux Tute 1

ලිනක්ස් මුල සිට - Linux Tute 1


මේකට ල‍ැබෙන ප්‍රතිචාර කොහොම වෙයිද කියලා දන්නෙ නෑ. ඒත් මම හිතනවා හොද ප්‍රතිචාර තියෙයි කියලා. අද ඉදන් අපි පටාාන් ගන්න යන්නෙ Linux වල අතීතයේ ඉදන් දැන් භාවිත දක්වායි. හරි එහෙනම් ඉතින් මේ පාඩමත් එක්ක ටච් එකේ ඉන්න. දන්නෙ නැති, තේරෙන්නෙ නැති දේවල් අහන්න. මම මට පුළුවන් විදිහට ඔයාලට උදවු කරන්නම්.

හරි එහෙනම් ඉතින් Linux වල අතීතයෙ ඉදන්ම පටන් ගමු. එහෙම කිව්වම ඕනම කෙනෙක්ට තේරෙනවනෙ. ඒකයි ඒ විදිහට කරන්නෙ.

Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා නොකරම බෑ. දශක හතරකටත් වැඩියෙන් ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම් සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. කථාව පටන් ගන්නේ 1969 ඉදන්,(වැඩිය හිතන්න එපා අර දසුන් කිව්වා වගේ ඒක වෙද්දි මම ඉපදිලත් නෑ.) ඒ කාලයේ AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන් කරපු පර්යේෂනයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ.

මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එහෙමත් නැත්තම් ප්‍රධාන කේත සටහන එළිදැක්වෙන්නේ.

ඒ කාලයේ අද වගේ මෘදුකාංග මුදලට විකිනීමක් නොතිබුන බැවින් මෙම Unix Kernel එක අධ්යන කටයුතු සදහා විශ්වවිද්යාල අතර හුවමාරු කරගනිමින් Unix දිගින් දිගටම සංවර්ධනය වුනා.

1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux නම් වූ අපූර්ව මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.

Linux කියන එකේ තේරුම Linux යනු Unix නෙවේ යන බවය. Linux Is Not UniX. මෙලෙස යුනික්ස් වල ඉදන් ලිනක්ස් දක්වා විකාශනය මෙම රූපයෙන් සරලව පෙන්නන්න පුළුවන්.


අදටත් අපි භාවිතා කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුල් යුනික්ස් විධාන තිබීමෙන් පෙනීයන්නේ ලින්ක්ස් සහ යුනික්ස් වල තිබෙන අපූර්ව බැඳිමයි. (ls, cp, mv, rm...etc)

1991 ඉදන් මේ දක්වාම සුපිරි පරිගණක වල සිට අප භාවිතා කරන පුද්ගලික පරිගණක දක්වා ලිනක්ස් තම බලසම්පන්න බව පෙන්වා ඇත.

මම හිතනවා කියපු දේවල් තේරෙන්න ඇති කියලා. ඊළග පෝස්ට් එකත් අරගෙන ඉක්මනටම එන්නම්. ඔයාලට මේක ගැන කියන්න තියෙන දේවල් පහලින් කමෙන්ට් කරගෙනම යන්න.
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
October 18, 2015 at 6:16 PM ×

ela , mamath Linux thmai paviche karanna.

Reply
avatar
admin
admin
October 18, 2015 at 7:28 PM ×

ela bro.digatama karamu.api innawa ubathy ekka

Reply
avatar
Anonymous
admin
October 21, 2015 at 10:47 PM ×

Digatama karan palayan Area 51 Hacker team akath ubath akka kolla ;)

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon