USB Port එක ලොක් කරමු.


  USB Port එක ලොක් කරමු.  

මෙන්න මම තව පොඩි Trick එකක් අරගෙන ආවා. මේකෙන් පුළුවන් අපේ Computer එකේ USB Port එක ලොක් කරන්න. මේක අපිට එච්චර වැදගත් නෑ කියලා හිතුනට Internet Cafe එකක් එහෙම කරන කෙනෙක්ට නම් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද හැම එකාම Pen Drive ගහන්න ගියාම රටේ නැති Virus එනවනේ. එතකොට ආයේ Format කරලා වැඩ ගොඩක් කරන්න වෙනවනේ. මේ Pen drive Lock කරලා තිබ්බා නම් වැඩේ ඉවරයිනේ. හරි නියෙව්වා ඇති. දැන් වැඩේට බහිමු.
මේ පහල තියන පියවර විදිහට කර ගන්න.


1. ඕබේ පරිගණකයේ රන් ඕපන් කරගන්න. (Windows+R)

2. දැන් එහි regedit යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න.

3. දැන් ලැබෙන වින්ඩෝවෙන් HKEY_LOCAL_MACHINE යන්න ඩබල් ක්ලික් කරන්න. එවිට එම ගොනුව දිගහැරේ.

4. දැන් එහි ඇති SYSTEM ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

5. දැන් එහි ඇති CurrentControalSet ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

6. දැන් එහි ඇති SERVICES ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

7. දැන් එහි ඇති USBSTOR ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට දකුණු පස කුඩා ෆයිල් කිහිපයක් දැක ගත හැකිය.

8.දැන් එහි ඇති Start යන ෆයිල් එක මත ක්ලික් කරන්න. එවිට එය සිලේක්ට් වේ. දැන් වින්ඩෝවේ ඉහළ වම් කෙළවරේ ඇති File > Export යන්න ක්ලික් කර එම ෆයිල් එක තමන්ට කැමති තැනක‍ට සේවි කරගන්න.

9. දැන් නැවතත් කලින් කලික් කර තිබු ෆයිල් ඩබල් ක්ලික් කර ඕපන් කරගෙන එහි Value Data හි 3 වෙනුවට 4 යොදා ඕකේ කරන්න.

10. දැන් ඔබ අගය වෙනස් කරන ලද Start Registry file එක සළකුණු කර. පියවර 8 පරිදි USB Disable ලෙස සේවි කර ගන්න.

11. පස්සේ එම වින්ඩෝව Close කරලා පරිගණකය restart කරන්න.

12. පස්සේ ඔබ සේවි කරගත් USB Disable ෆයිල් රන් කල ලැබෙන පණිවිඩය ඕකේ කරන්න. ලොක් එක ඇර ගන්න ඕනේනම් USB Enable ෆයිල් එක රන් කර ඕකේ කරන්න.

වැඩේ හරි ගියානම් Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon