Blog එකට Template එකක්.
දැන් හැමෝම දන්නවනේ කොහොමද Blog එකක් හදන්නේ කියලා.
ඒ ටික කියෙවුවේ නැත්තම් මෙතනින් යන්න.
දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද Blog එකේ පෙනුම වෙනස් කරගන්නේ කියලා. ඔයාලා හදාගත්ත Blog එක තියෙන්නේ සාමාන්‍ය විදිහටමනේ. මේකට මගේ එකේ වගේ වැඩ ටිකක් දාගන්න විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. (මගෙ Blog එකේ පෙනුම හොද නැත්තම් වෙන එකක් දැම්මට කමක් නෑ.)
දැන් මේ පල්ලෙහා තියන විදිහට ඔයාලගේ Blog එකේ Dashboard එකට යන්න. (මේ මගේ එක).
Dashboard එකට යන විදිහ මම කලින් කියලා දුන්නා. දැන් ඒකේ වමේ තියන Template කියන Sub Menu එක තෝරන්න. එතකොට මේ පහල තියනවා වගේ Window එක එයි.
කෝකටත් කියලා Template එක මාරු කරන්න කලින් Backup එකක් අරන් තියාගන්න. Backup එකක් ගන්න නම් උඩ දකුනු කෙලවරේ තියන Backup / Restore Button එක Click කරන්න. දැන් එන Window එකේ Download Full Template Click කරන්න.
දැන් ඔයාලගේ Template එක Download වෙයි.
දැන් මම මේ පහලින් දාන Template වලින් කැමති එකක් Download කරගන්න. මේවායේ පෙනුම තමයි උඩින් තියන රූපෙන් පේන්නේ.
මට හොදයි කියලා හිතුන Template පහක් මම මෙතන දැම්මා. කැමති එකක් Download කරගන්න. එහෙම නැත්තම් Google එකේ Search කරලා එකක් Download කරගන්න. ලස්සන ඒවා හොයා ගන්න පුළුවන්.
දැන් ඔයා Download කරගත්ත එක හොයාගන්න පුළුවන් තැනකට Extract කරගන්න. (මේවා සාමාන්‍යෙයන් Achieve කරලා තමයි තියෙන්නේ.) හරි දැන් ආපහු අර Template කියන Sub Menu එකට යන්න. උඩ දකුණු කෙලවරේ තියන Backup / Restore Button එක ආයෙත් Click කරන්න. පල්ලෙහා තියනවා වගේ Window එක එනවනේ.
මෙතන Choose File කියන එක Click කරලා අර Extract කරගත්ත Folder එක ඇතුලේ තියන XML File එක තෝරලා දෙන්න. දැන් Upload කියන Button එක Click කරන්න.
දැන් ඔයාලට උඩ තියන View Blog Click කරලා ඔයාගේ Blog එකේ පෙනුම බලා ගන්න පුළුවන්. මේකෙ තියන Gadget මාරු කරන්න ඕනෙනම් Dashboard එකේ Layout තෝරන්න. මෙතනින් පුළුවන් ඔයාලගේ Blog එකේ තියන Gadget මාරු කරන්න, වෙනස් කරන්න, අළුතින් Gadget දාන්නත් පුළුවන්.
මොකක්හරි ප්‍රශ්නයක් උනොත් Comment එකක් දාන්න.
ප්‍රශ්නයක් නැතත් Comment එකක් දාලා යන්න. Thanx කලේ නැතත් කමක් නෑ ඉතින්. (:P ;P)
මෙතනින් මම මගේ Blog සෑදීම පාඩම ඉවර කරනවා. දැන් ඉදන් Blog Gadget දාන විදිහ කියලා දෙන්නම්. එහෙනම් දැනට ගියාවේ.
18 comments (අදහස්)
Click here for comments (අදහස්)හොද පෝස්ට් එකක් හදා ගත්තා.. ගොඩාක් ස්තුතියි...
ReplyNo more live link in this comments field
ReplyNo more live link in this comments field
Replyhttps://www.aluthtech.com/
ReplyTechnology News. Stay at Gadgets Now for the latest technology news and highlights covering Mobile Phones, computer Hardware, Software, IT and health.
GO TO SITE
No more live link in this comments field

ReplyNice & Impressive! I have not ever seen this type of blog Plz continue informative blog like this
Replyhttps://richmillindrums.blogspot.com/2016/03/latest-news.html?
No more live link in this comments field
Replyබැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon