blogකරනය 1.


  Blog පාඩම 1  

ලංකාවේ ගොඩක් අයට දැන් Blog එකක් තියනවනේ. හැබැයි තාමත් ඉන්නවා Blog හදන්න කැමති Blog එකක් නැති අය.
මේ හැමෝටම උදව්වක් විදිහට මම හිතුවා Blog එකක් හදන විදිහ මුල ඉදන් කියලා දෙන්න. මමත් මේකට ආවේ ලගදි.
මම එච්චර වැඩ්ඩෙක් කියලා හිතන්න එපා. මමත් අනිත් අයගේ Blog පෝස්ට් කියවලා තමයි මේක ඉගෙන ගත්තේ.
මම සෑහෙන්න අමාරුවෙන් ඉගෙන ගත්ත දේ ඔයාලට කියලා දෙනවා. මොකද මටත් ඕනේ ලංකාවේ Blog කරනය හොද තැනකට ගේන්න. හැමදාමත් අපිත් එක්ක හිටිය Google තමයි මේ Free Blog සේවාව කරන්නේ. අපි මේක කරන්න යන්නේ Blogger වලින්.
හරි විස්තර කිව්වා ඇති.

අපි බලමු කොහොමද මුල ඉදන්ම Blog එකක් හදන්නේ කියලා.

මේකට අපිට Google Account එකක් තියෙන්න ඕන. Account එකක් නැත්තම් මෙතනින් ගිහින් හදා ගන්න.

දැන් ඒක හරි නම් මෙ Link එකෙන් ගිහින් Blog එක හදන්න පටන් ගන්න.

දැන් කලින් අපි හදපු Google Account එකේ mail එකයි Password එකයි දීලා Log වෙන්න.


ඔයාලා කලින් Blog හදලා නැත්තම් මේ Page එක හිස්ව තියෙයි. කලින් Blog හදලා තියනවානම් මේ වගේ තියෙයි.


දැන් මේකෙ වම් පැත්තේ තියන "New Blog" Click කරන්න. දැන් මේ පහළ තියනවා වගේ Window එකක් Open වෙයි.


මේකෙ Title කියන තැනට Blog එකට දාන්න ඉන්න Title එක දාන්න. Address කියන තැනට ඔයාගේ Blog එකට දෙන Address එක දෙන්න. මේක කලින් කෙනෙක් පාවිච්චි කරලානම් වෙන එකක් දාන්න වෙනවා. ඊට පස්සේ කැමති Template එකක් තෝරන්න. ලස්සනයි කියලා හිතෙන එකක් දෙන්න. මේක අපි පස්සේ මාරු කරනවා.

දැන් "Create Blog" දෙන්න. මේකෙදි Blog එක හැදෙන්න ටික වෙලාවක් යනවා. (අපේ නෙට් ස්පීඩ් එක අනුව තමයි  :p ;p)

දැන් ඔයාලා හදා ගත්ත Blog එක අනුව මෙහෙම තියෙයි.


මම හදාගත්ත එක තමයි මේක. දැන් ඕකෙ Title එක උඩ Click කරන්න. මෙකෙනම් "Flash lie" උඩ.

දැන් යන්නේ ඔයාලගේ Dashboard එකට. මෙන්න මේ වගේ.


මෙතන තියන "Post" කියන එක "Click" කරලා අළුත් Post එකක් ලියන්න පුළුවන්.

දැන් අළුත් Post එකක් ලියලා "Publish" කරන්නකෝ. ඉතුරු ටික මම හෙට කියලා දෙන්නම්.

මොකක්හරි ප්‍රශ්නයක් නම් Comment එකක් දාන්න.
ඔයාලා මට කරන උදවුවක් විදිහට Comment එකක් දාලා යන්න.
ඒක තමයි මගේ එකම ශක්තිය.

ලිව්වේ - තිවංග සදරුවන් දසනායක (ƒĹÄŜĤ)
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon