Trail Version සදහටම තියාගමු..


මෘදුකාංගයක කාලය හොරකම් කිරිම

අද ලියන්න යන්නේ නම් ටිකක් විතර වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවාත් ඇති. අද කියන්න යන මෘදුකාංග ගැන කියනාවා නම් මෙව්වට කියන්නේ Trial resetters කියලා, ආං දැන් මතක් උනානේ (මෙය ගැන දන්න අයට). මෙම මෘදුකාංගය ගැන කියනවානම් මෙයින් කරන්නේ මොකක්හරි trial මෘදුකාංගයක trial period එක දික් කිරිම, ඒ කියන්නේ trial මෘදුකාංගයක trial period එක ගෙවි ගියද එය නැවත reset කර නැවත trial period එක ලබාගෙන පාවිච්චි කිරිම ( උදා : හිතන්න මම දින 30 ක trial period එකක් තියන මෘදුකාංගයක් මැයි 1 වෙනිදා install කලා කියලා, ඊට පස්සේ මම මෙම මෘදුකාංගය මැයි 29 වෙනිදට Trial resetters එකක් හරහා run කරලා තව දින 30 ක් මේ Trial මෘදුකාගයට ලබාදෙනවා , එතකොට මට මේ Trial මෘදුකාගය ජුනි 28 වෙනකම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්) එලනේ !!! 

ජංජාලයේ නම් ඕනේ තරම් මෙවැනි මෘදුකාංග තියනවා , මම කියන්නම් මට අල්ලලා ගිය මෙවැනි මෘදුකාංග 2 ක් ගැන .

1. Time Stopper


* භාගත කරගන්න මෙතැන කොටන්න .

2. RunAsDAte


* භාගත කරගන්න මෙතැන කොටන්න .

මේවායේ ක්‍රියාකරිත්වය ගැන කියුවොත් නම් මෘදුකාංග ඔක්කොම වගේ ක්‍රියාකරන්නේ එකම විදිහට නිසා මම මේ මෘදුකාංග 2 කේ ක්‍රියාකරිත්වය වෙන වෙනම කියන්න යන්නේ නෑ , ඔක්කොම එකම සැරේ කියලා දාන්නම්කෝ . ඒකට ඉතින් පහත විඩියෝ එක බලන්නකෝ !!! 


මෙතැනදි මතක තබාගතයුතු මුලික කරුණු වනුයේ Trial Resetter හි අදාල දිනය ‍තෝරනකොට එම දිනය trial period එකේ කාලපරිච්ඡේදයට අදාල දිනයක් ‍තෝරන්න (දින 30 ක trial program එකක් නම් ඉදිරි දිනයකට වෙනස් කරනකොට එම දිනය වෙනස් කරන දිනයේ සිට දවස් 30ක් ඇතුලත දිනයක් වන බවට වගබලාගත යුතුයි ).

උදා : හිතන්න මම දින 30 ක trial period එකක් තියන මෘදුකාංගයක් මැයි 1 වෙනිදා install කලා කියලා (දින 30ක් කියනේ මැයි 1 දා සිට මැයි 31 දක්වා), ඊට පස්සේ මම මෙම මෘදුකාංගය මැයි 16 වෙනිදට Trial resetter එක හරහා run කරනවා කියලා, එතැනදි මම අදාල දිනය (trial resetter හි ‍තෝරන දිනය) ලෙස මැයි 1 වෙනිදා දුන්නා කියලා හිතන්නකෝ. එතකොට මට තව දින 15 ක් (මැයි 1 සිට මැයි 16 ට දින 15 කි) වැඩිපුර ලැබෙනවා. එතකොට මගේ trial Software එක expire වන්නේ ජුනි 15 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 15 ක් = දින 30 ) ; දැන් මම මේකේ (trial restter හි) ‍තෝරන දිනය ලෙස අප්රේනල් 29 ට තේරුවොත් මට දින 17 ක් ලැබෙනවා ( අප්‍රේල් 29 සිට මැයි 16 දක්වා), එතකොට මට වැඩිපුර දින 2 ක් ලැබිලා, මගේ trial Software එක expire වන්නේ ජුනි 17 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 17 = දින 32 ), trial period එක දින 30 ක් නිසා මෙලෙස දැමු විට මෙම හැක් කිරිල්ල ක්රියා නොකරනු ඇත. දෙවෙනි කරුණ නම් shortcut එකක් අපි සෑදු පසු අනෙක් shortcuts (මෘදුකාංගය install කිරිමේදි ලැබෙන shortcuts සියල්ලම) මකා දැමිය යුතුය. මන්දයත් ඒවා මඟින් මෘදුකාංගය open කර run කලොත් මෙම හැක් කිරිල්ල නැතිවන නිසාය .

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

මූලාශ්‍රය - හිඟන්නාගේ පැල්පත
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon