ටොරන්ට් බාල එපා වෙන අයට.....


ටොරන්ට් බාලා එපා වෙන අයට.....


ටොරන්ට් බාල එපා වෙලනම්... මෙක කරල බලන්න... හැමදාම ටොරන්ට්ම බායි..

unlimited internet conection නැති අයට torrent බාන එක ලොකු අවුලක්
මොකද සොෆ්ට් වෙයාර් එකෙන් සීඩ් කරන නිසා.. සීඩ් කරනව කියන්නෙ ඔයාගෙ පීසී එකෙන් ෆයිල් තවත් කට්ටිය බානව.. එතකොට ඉතින් uplord එක වැඩි වෙනවනේ.... අනිත් කාරනේ තමයි.. 
දවස් ගනන් සමහර ෆිල්ම් බාන්න ගත වෙන එක.. PC එලි වෙනකම්, රෑ වෙනකම් ඉවරයක් නැතිව දුවනව..
ඩොංගල්.. රවුටර් පතුරු යනකම්, රත් වෙනකම්.. මේ හැම අවුලක්ම මග හැරන් අර සොෆ්ට් වෙයාර් මේ සොෆ්ට් වෙයාර් නැතිව.. පැයකටත් අඩු කාලයකින් (ඔයාගෙ නෙට් ස්ප්‍රීඩ් එක අනුව) IDM එකෙන් බාන්න පුලුවන් කිව්වොත් මොකද කියන්නෙ..
(මට පස්සෙ කියන්නකො මොකද හිතෙන්නෙ කියල..)

මුලින්ම කරන්න තියෙන්නෙ පහල තියෙන සයිට් එකට ගිහින්.. රෙජිස්ටර් වෙන එක...


ඊට පස්සෙ අලුත් ටැබ් එකක ඔයාල ටොරන්ට් බාන සුපුරුදු විදියටම අන්තිම පියවර වෙනකම් යන්න.. 

ටොරන්ට් ෆයිල් එක බාන ටැබ් එක ක්ලික් නොකර, රයිට් ක්ලික් කරල.. මෙනු එකෙන්..
කොපි ලින්ක් ලොකේෂන් ක්ලික් කරල ඩවුන් ලෝර්ඩ් ලින්ක් එක කොපි කරගන්න..

දැන් torrific එකෙ හදා ගත්තු එකවුන්ට් එකට යන්න...

දැන් URL (ලින්ක් ) එක දෙන්න තැනක් තියෙනව එතනට ඔයා කොපි කර ගත්ත ලින්ක් එක දෙන්න..
දැන් ගෙට් ටැබ් එක ක්ලික් කරන්න...
දැන් file name යටතෙ film එකෙ හෝ ඔයා බාන file එකෙ විස්තර ටික ඇති...වම් පැත්තෙ....
දැන් දකුනු පැත්තෙ initiate bittorrent transmission කියල තියෙන ටැබ් එක ක්ලික් කරන්න...

දැන් මේ වගෙ කවුන්ට් ඩවුන් එකක් එයි...
your torrent will be transmittable
in ... seconds 

ඊලඟට මේ වගෙ එකක් එයි...
your torrent will be transmittable
NOW
එතකොට file name යටතෙ දකුනු පැත්තෙ තියෙන file link රයිට් ක්ලික් කරල.. මෙනු එකෙන්.
Downlord with IDM ක්ලික් කරාම IDM එකෙන් downlord වෙයි.....
කොහොමද වැඩේ.... 
දැනුත් torrent එපා කියයිද කට්ටිය....

වැඩේ හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon