SEO කියන්නෙ මොකක්ද....?

SEO කියන්නෙ මොකක්ද....?


මේ කියන්න යන්නෙ බ්ලොග්, වෙබ්සයිට් කරන හැමෝටම ඕනෙ කරන දෙයක්.මොකද අපි බ්ලොග් එකක් කරන්නෙ තනියම බලන්න නෙවෙයිනෙ. අපේ බ්ලොග් එකට කට්ටිය එන්න ඕනෙ... ඒ ඇවිල්ලා බලලා යද්දි ආයෙ එන්න හිතෙන විදිහට තියෙන්න ඕනෙ...

ඇත්තම් කියනවා නම් මට හොද ට්‍රැෆික් එකක් තියනවා. (පෝස්ට් එකක් දැම්මොත් දවසට 450+ වගේ වීව්ස් එනවා. නැත්තම් 300+ වගේ එනවා.) මේක පටන් අරගෙන තාම මාස 6ක් විතර වෙන්නෙ.. ඒ නිසා හොදයි...

මම මේ පෝස්ට් එක දාන්නෙ චතුරංග කියලා යාළුවෙක් කරපු ඉල්ලීමකට. ඉතින් අද පොඩි හැදින්වීමක් කරන්නම්. මේ දවස් ටිකේ Exam බං... ඒ නිසා අද හැදින්වීම විතරක් දාන්න හිතුවා.

මේ SEO කියන්නෙ බ්ලොග්, වෙබ්සයිට් කරද්දි නැතුවම බැරි දෙයක්. ඇත්තටම SEO දන්නෙ නෑ කියන්නෙ බ්ලොග් එකට කට්ටිය ගේන එක හීනයක්... ඉතින් මේවා ඇති වෙනකම් ඉංග්‍රීසියෙන් ‍ඉගෙන ගන්න පුළුවන්. ඒත් හරියට සිංහලෙන් කියලා දෙන්න ඕනෙ නිසා මම දාන්නම්.

SEO හෙවත් Search Engine Optimize කියන්නෙ අපේ සයිට් එක Search Engine වල පෙන්වන විදිහට Search Engine වලට එකතු වෙනවා. පැහැදිලි කරන්නත් එක්ක මෙහෙම ගන්නම්.. ඔයා ගූගල් වල මෙහෙම සර්ච් කරනවා කියලා හිතමු, "Facebook හැක් කරමු."... ඔයාට පෙන්නනවා ගූගල් රිසාල්ට් ටික. (මම සර්ච් කලාම නම් මගෙ එක මුල් පිටුවෙම පෙන්නනවා. උබලට කොහොමද දන්නෙ නෑ...)


ඒ තත්වෙට සයිට් එක ගන්න ගොඩක් කට්ට කාලා තියනවා. උබලට කිසිම කට්ටක් කන්න නෑ. මම ඒ ඔක්කොම කියලා දෙනවා...

එහෙනම් ඊළග පෝස්ට් එකෙන් ඉක්මනටම හම්බ වෙමු....

දාලා තියන ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා සප් එකක් දියල්ලා ඈ....
Previous
Next Post »

4 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon