Google වලින් Proxy එකක් හදාගමු...

Google වලින් Proxy එකක් හදාගමු...


මෙන්න අළුත් වැඩක් අරගෙන ආවා... වාර විභාගෙ හින්දා පොඩ්ඩක් හිර වෙලා හිටියෙ බං.. දැන් කියන්න යන්නෙ නම් උබලා හිතලවත් නැති වැඩක් ගැනයි. උබලා Google එක දන්නෙ සර්ච් එන්ජින් එකක් විදිහට විතරයිනෙ‍. අද කියලා දෙන්න හදන්නෙ ඊට වඩා ලොකු දෙයකට ගූගල් එක පාවිච්චි කරන විදිහ ගැන....

මේක ඇහුවම හිනා යනවා නේද? ඔව් ජෝක් එකක් වගේ තමයි. ඒත් Proxy එකක් විදිහට Google Browser එක පාවිච්චි කරන්න පුළුවන් කිව්වම පිළිගන්නවද? නැතුව ඇති. කමක් නෑ කරලම බලමු.

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් Google Translate එකට යන්න.

දැන් බොක්ස් දෙකක් පේන්න තියනවා නේද? ඒකෙ මුල්ම බොක්ස් එකේ (ටයිප් කරන්න පුළුවන් එකේ) Language එක විදිහට Spanish දෙන්න. ඊළගට අපි ටයිප් කරන එක පෙන්වන බොක්ස් එකේ English වලට හරවලා තියන්න. (ෆොටෝ එකේ තියන විදිහ පේනවනෙ.) (මේකෙ තියන ෆොටෝ පේන්නෙ නැත්තම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න.)


දැන් මේකෙ ටයිප් කරන්න පුළුවන් තැන ඔයාලට යන්න ඕනෙ සයිට් එක ගහන්න ඕනෙ. (පහල තියන රූපෙ විදිහට ගහන්න.)


දැන් ඔයාලට පේන්න තියෙයි මේකෙ පොඩ්ඩක් නිල්පාට වෙලා අපිට ඕනෙ ලින්ක් එකක් තියනවා. අන්න ඒක ක්ලික් කලාම Proxy එකක් හරහා අපි කලින් ටයිප් කරපු සයිට් එකට යනවා. මේ පහල තියෙන්නෙ මම අපේ සයිට් එකට (යකඩයා ෆෝරම් එකට) යන්න ඕන පාවිච්චි කරපු අවස්ථාවක්.


අපි මේකෙ Spanish කියලා දාපු තැනට වෙන වෙන භාෂා දාලා ඒ ඒ රටට අදාල Proxy එක හොයාගන්න පුළුවන්...

දැන් අපි බලමු මේකෙන් අපිට තියන වාසි මොනවද කියලා. මේක පාවිච්චි කරලා බ්ලොක් කරපු සයිට් වලට යන්න පුළුවන්. ඔය ගොඩක් 18+ සයිට් බ්ලොක් කරලා නම් මේ විදිහට රින්ගන්න පුළුවන්. ඒ වගේම ඔය වෙන රටවල් වලට විතරක් සීමා කරපු සයිට් වලටත් යන්න පුළුවන්.

මේ පෝස්ට් එක වෙන කොහේහරි දානවා නම් මගෙ අවසරයෙන් දාන්න ඕනෙ හරිද? ඔය අළුතෙන් පටන් අරගෙන රගන හැකින් ෆෝරම් වලට නම් කොහෙත්ම මේක දාන්න බෑ හරිද?

මේක දැනුම්දීමක් නෙවෙයි අනතුරු ඇගවීමක් කියලා හිතාගත්තට කමක් නෑ හරිද....

මේ වගේ අළුත් හැකින් ට්‍රික්ස් දැනගන්න අපේ ෆෝරම් එකට එන්න...
මේ ලින්ක් එකෙන් ඇවිත් රෙජිස්ටර් වෙන්න....

Yakadaya Registration Form

හරි එහෙනම් මේක ගැන හිතෙන දේ කමෙන්ට් කරගෙනම යමුකො....
ෆෝරම් එක ගැන මොකක් හරි අවුලක් තිබුනොත් මේ බ්ලොග් එකේ ඕනම පෝස්ට් එකකට කමෙන්ට් කරන්න....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon