පොටෝ ඇතුලේ හොරාට ෆයිල් හන්ගමු

පොටෝ ඇතුලේ හොරට ෆයිල් හන්ගමු....


හම්මෙ දැන්නෙ මතක් උනේ.. ඊයෙත් පෝස්ට් එක දැම්මෙ රෑද කෙහෙදො... මොන දෙයක් වෙලාද මන්දා වෙලාවට පෝස්ට් මතක් වෙන්නෙත් නෑ.... එහෙනම් මේක බලමු. මේක වැඩිපුරම යූස් කරන්නෙ හැක් කරන්න තමයි... එහෙනම් කියවලා තේරුම් ගනිල්ලකො....

මේකේ අපි කරන්න යන්නේ සාමාන්‍ය පොටෝ එකක් (ඒ කිව්වේ JPG / JPEG වගේ ඕනම පොටෝ වර්ගයක් ) ඇතුලට අපේ ලග තියෙන ෆයිල් ටිකක් ඔබන ඒක.. ඒක සාමන්යෙන් උබ උබේ ලග තියෙන file ටිකක් compress කරලා rar file එකක් ඇතුලට දානව වගේ වැඩක්. හැබැයි එට වඩා පට්ට ආතල් බං ඒක open කරන විදිය බැලුවම :D ... මේක කරන්න කලින් winrar කියන සොෆ්ට්වෙයාර් එක මැෂිමේ තියෙන්න ඕන . winrar නැති මැෂිමක් ලුණු නැති හොද්දක් වගේ :p උබේ මැෂින් එකෙත් winrar නැත්නම් ඉස්සෙල්ල ඒක මෙතනින් බාගෙන install කරගෙන වැඩේට බහින්න...


මේ වැඩේ අත්හදා බලන්න මං f:/ drive එක පාවිච්චි කරන්නේ. උබල මේක කරන කොට ඕන disk එකක ඕන folder එකක් අස්සේ කරලා බැලුවට කමක් නෑ :-_-: ඉස්සෙල්ලම අපි අපිට හංගන්න ඕන ෆයිල් ටික දාල folder එකක් හදාගන්න ඕන. folder එකේ නමට මෙතැනදී "hide" කියලා  දෙන්න .


දැන් අපිට එලියට පේන්න ඕන පොටෝ ඒකත් අර hide කියන folder ඒක හදපු තැනටම copy කරගන්න.. දැන් ඔක්කොම පේන්න ඕන මේ වගේ.


හරි එහෙනම්... ඊලගට අපිට තියෙන්නේ hide කියන folder ඒක archive කරගන්න. ඒකට hide කියන folder ඒක right-click කරලා Add to "hide.rar" කියන ඒක click කරන්න...


දැන් ඔයාලගේ folder එකේ hide , hide.rar , image.jpg කියල item තුනක් ඇති. ඒ කියන්නේ අපේ වැඩෙන් 70%ක් ඉවරයි...


දැන් cmd ඒක open කරගෙන (Windows key+R) අපි අර file තුන හදා ගත්ත folder එකට යන්න ඕන. මගේ නම් ඒ folder තුන තියෙන්නේ නිකන්ම F:/ පාර්ටිෂන් එකේ නිසා cmd එකේ "F:" කියල ගැහුවහම ඇති. උබල folder ඒක හැදුවේ වෙන drive එකක subfolder එකක් ඇතුලේ නම් ඉතින් පොඩ්ඩක් වටෙන් යන්න වෙයි මේ වගේ... :(

*. ඉස්සෙල්ලම පාර්ටිෂන් එකේ නම මේ වගේ - "D:"
*. දැන් cd කියල අදාළ folder එකේ නම ගහන්න ඕන මේ වගේ - "cd folder1/subfolder"
*. එතකොට D:/folder1/subfolder කියන path එකට වැටෙයි :D

හරිනේ එහෙනම්. දැන් කොහොම කොහොමහරි අපි ඉන්නේ අපේ අර කලින් හදාගත්තු ෆයිල් තුන තියෙන folder එකේ. දැන් මෙන්න මේ command එක type කරලා enter කරන්න ඕන .

copy/b එලියට_පේන්න_ඕන පොටෝ_එකේ_නම.jpg + archive_කරගත්ත_file_එකේ_නම.rar උබට_කැමති_නමක්.jpg

උදාහරණයක් විදියට මෙන්න මෙහෙම ...

copy/ b image.jpg + hide.rar output.jpg

දැන් අර folder එකට තව file එකක් add වෙලා ඇති අපි අර code එකේ අන්තිමට දාපු නමෙන්. (output.jpg කියලා ) ඒක තමයි අපේ final file එක.



දැන් වැඩේ ඉවරයි. output.jpg කියන file ඒක ඇර අනිත් ඔක්කොම file ටික delete කරලා දාන්න .. දැන් අපි output.jpg කියන file ඒක open කරොත් අපිට අර පොටෝ එක තමයි පෙන්නේ.. :D

එහෙනම් අපි යනවා . ඇහ හුටා .. අර හංගපු file ටික ආයෙත් අපිට ඕන වෙලාවට බලන හැටි කියන්න බැරි උනානේ ... අපි ඇතුලේ හංගපු file ටික ආයෙත් බලන්න ඕන නම් අර output.jpg කියන file එක right-click කරලා open with >> WinRAR දෙන්න. එතකොට අරි අර ඇතුලට බස්සපු file ටික winrar වලින් open වේවි... :D

Usage :- තමන්ගේ මැෂින් එකේ තියෙන එක එක පෞද්ගලික දේවල් හංගන්න පුළුවන්, කෑල්ලට අහු නොවෙන්න අනිත් පොඩි පොඩි item වල පොඩි පොඩි මෙව්වා කෑලි හංගන්න පුළුවන් කොටින්ම කිව්වොත් වැලක් තියෙන file එකක image එක උනත් කිසි අවුලක් නැතුව projector එකක දාල ගමටම පෙන්නන්න පුළුවන් :D

තව ඕනෙනම් අර මම කලින් ලියපු පෝස්ට් එකක් ඇති "පෙන් එකෙන් හැක් කරමු" කියලා... අන්න ඒක උනත් දාලා දෙන්න පුළුවන්.

තව දෙයක් තියනවා. පුළුවන් නම් අපේ ඇඩ් එකක් ක්ලික් කරලා උදවුවක් කරන්න. ඩොමේන් එකක් ගන්න කරන ලොකු උදවුවක්....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon