HTML පාඩම 01

HTML මූලික කරුණු..


අද කියන්න හදන්නෙ මම පටන් ගත්ත අළුත් වැඩක්. මේ දවස් වල බැහැලම CSS ඉගෙන ගන්නවා. ඒ නිසා ‍දන්න කියන HTML ගැන පොඩ්ඩක් කියලා දෙන්න තමයි හදන්නෙ. මේක හොදම පරිගණක භාෂාවක්. ඔය ලොකු ලොකු වැඩකෑලි දාන අයියලත් මුලින්ම පටන් ගන්නෙ මේකෙන් තමයි. මේක හොදට අල්ල ගත්තම අනිත් ඒව‍ගේ කෝඩ් කරන්න ලේසියි..

හරි එහෙනම් පටන් ගමු. මේක දන්න උන් නම් ඉන්නවා. මේක ගැන නොදන්න උනුත් ඇතිනෙ. එහෙනම් පටන් ගමු නෙ....

Introduction to HTML
1989 දී සර් ටිම් බර්නස් ලී විසින් විශ්ව විසිරි වියමන (WWW) හදුන්වා දුන්නා. මේ වෙබ් වෙබ් අරහා ලෝකය පුරා දැන ගැනීමේ හැකියාව ලැබුනා...

W3C - World Web Consortium
වෙබ් පිටු නිර්මාණය මෙන්ම ඒ සදහා භාවිත කරන තාක්ෂණික මෙවලම් පිළිබද සම්මතයන් ඉදිරිපත් කරන්නෙ මේ ආයතනය විසින්. මේකෙ ප්‍රධානියා විදිහට වැඩ කරන්නෙ සර් ටිම් බර්නස් ලී. ඒ අනුව මේ HTML කියන භාෂාවත් W3C හි අනුමත භාෂාවක්...

වෙබ් අඩවියක් සැකසීමෙන් පසු එය ක්‍රියාත්මක කරවීමට සේවාදායි පරිගණකයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ සේවාදායි පරිගණකය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
උදාහරන විදිහට apaochy, IIS කියන ඒවා ගන්න පුළුවන්.

මේ කිව්ව apaochy Server මෙන්ම MySQL කියන දත්ත සමුදාය කලමනාකරන පද්ධතිය (DBMS) පරිගණකයට ස්ථාපනය කිරීමෙන් වෙබ් අඩවි සංවර්ධනය කිරීම කල හැකියි. ඉහත වැඩසටහන් දෙකම වෙනුවට Wamp Server කියන විවෘත මූලාශ්‍ර මෘදුකාංගය (Open Source Software) එක භාවිත කරන්න පුළුවන්.

Windows 
Apaochy 
MySQL 
PHP

මේ හදන වෙබ්අඩවි අන්තර්ජාලය වෙත මුදා හරී නම් ඒවාට ඩොමේන් එකක් ගන්න ඕනෙ... (දන්නවනෙ ඩොමේන් ගැන, වසම් නාමය කියන්නෙත් ඒකටම තමයි ඈ...)

මේ වසම් නාමය සමග වෙබ් අඩවිය අන්තර්ජාල සේවා සැපයුම්කරු වෙත (Internet Service Providers) ලබා දෙන්න ඕනෙ. එහිදී ඔහු විසින් නඩත්තු කරනු ලබන වෙබ් Server එකක් තුල වෙබ් අඩවිය ක්‍රියාත්මක කරයි.

මීට අමතරව ගොනු (File) රදවා තැබීම මෙන්ම නිවැරදිව කලමනාකරණයට ගොනු සේවාදායකය (File Server) භාවිත කල යුතුයි.

එහෙනම් අදට ඇති... අනිත් කොටසත් ඉක්මනටම දාන්නම්...

පුළුවන් නම් දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා උදවුවක් කරන්න.

හැකින් ඉගෙන ගන්න ඕනෙ අය ඉන්නවා නම් අපේ ෆෝරම් එකට සෙට් වෙන්න....

Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
Chathuranga
admin
November 26, 2015 at 7:10 PM ×

sira apita godak wedagath niyamai sahoo

Reply
avatar
Anonymous
admin
May 7, 2020 at 7:19 AM ×

if you want to like ethical hacking also visit here Secdevil.com

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon