SEO පාඩම Part 2

බ්ලොග් එකට නිවැරදිව META Tag දාගමු.


මේ දවස් වල පොඩි වැඩකට අතගහලා තිබුන නිසා මේකට එන්න වෙලාවක් තිබුනෙ නෑ. දැන්නම් ඉතින් ඒක සෑහෙන දුරට ඉවරයි. හරි මගෙ කලින් ටියුට් එකට හොදට කමෙන්ට් තිබුනා. ඉතින් FB එකෙනුත් ඇහුවා ඊළග එක කෝ කියලා. මෙන්න ඒක. 

මමත් මේක මගෙ බ්ලොග් එකට මුලින්ම කලා. මුල්ම පාර කරද්දි නම් කෙල වෙලා ගියා. වෙලාවට බැකප් තිබුන නිසා හොදට ගියා. පස්සෙ හරි විදිහට දාගත්තා. මම දැන් කියන්න යන්නෙ ඒ ක්‍රමේ ගැන තමයි. එහෙනම් කරලා බලහල්ලා. 

මෙටා ටැග් ගැන නොදන්න උනුත් ඇති. මෙටා ටැග් කියන්නෙ අපි ගූගල් එකේ සර්ච් කරන වචන. තේරුනා කියලා හිතනවා. කට්ටියටම දැනගන්න මුල ඉඳන්ම මේක කරන හැටි කියන්නම්කො.

1. මුලින්ම dashboard එකට ලොග් වෙලා "Layout --> Edit HTML" යන්න. එතකොට එන්නෙ පහල තියන රූපෙ වගේ එකක්නෙ, ඒකෙන් හොයාගන්න <b:include data='blog' name='all-head-content'/> තියන තැන. ඒක තියෙන්නෙ <head> tag එකයි </head> tag එකයි මැද්දෙ හොඳද. Ctrl + F පාවිච්චිකරල හෙව්වනම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

2. දැන් අර හොයාගත්තු එකට පහලින් මෙන්න මේටික paste කරන්න. වෙනසක් කරන්න කලින් ඔයාගෙ දැනට තියන template එකේ backup එකක් ගන්නත් අමතක කරන්න එපා හොඳද.


<b:if cond='data:blog.url == data:blog.homepageUrl'> 
<meta content='මෙතන description එක දාන්න' name='description'/> 
<meta content='මෙතන keywords දාන්න' name='keywords'/> 
<meta content='මෙතන ඔයාගෙ නම ඇතුලත් කරන්න' name='author'/> 
</b:if> 

මෙතනදි කරල තියෙන්නෙ අපේ home page එකට විතරක් keywords සහ description එක දාන එක. Description එක ඇතුලත් කරද්දි අකුරු 200 කට වඩා දිග එකක් නොදෙන තරමට තමයි වඩා හොඳ. Keywords දෙද්දිත් 20 කට වඩා දෙන්න ඕන නෑ. එකම වචනෙ තුන් පාරකට වඩා දෙන එකත් ඇඟට ගුන නෑ. 

වැඩේ ඉවර උනාට පස්සෙ save කරන්න. අවුලක් නෑ නේද? තියනවනම් අහන්න ඕන හොඳද. කියවල ඉවර වෙලා පහල තියන කොටුවෙ මොනවහරි ලියල යන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !
Previous
Next Post »

6 comments (අදහස්)

Click here for comments (අදහස්)
Chathuranga
admin
November 29, 2015 at 8:39 AM ×

ගොඩාක් ස්තූතී sසහෝ...ඔයා මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....අපි වගේ
ආදුනික බ්ලොග් කරුවන්ට මේවා ගොඩාක් වැදගත්......එලම...... (o)

Reply
avatar
December 6, 2015 at 12:57 AM ×

Its not at "Layout --> Edit HTML" Its at "Template --> Edit HTML"
Good work keep it up !!!

Reply
avatar
Mr Elite_x
admin
December 6, 2015 at 10:08 AM ×

තෑන්ක්ස් Chathuranga & චමියා...

Reply
avatar
December 22, 2015 at 11:57 AM ×

හොඳ ලිපියක්.තෑන්ක්ස්.

Reply
avatar
NICK IZER
admin
March 12, 2019 at 3:50 PM ×

aiye mn daapu key word eka google karaata eeka enne nane

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon