වින්ඩෝව්ස් වල පාස්වර්ඩ් කඩමු | Windows Password Bypass


වින්ඩෝව්ස් වල පාස්වර්ඩ් කඩමු | Windows Password Bypass

ඔන්න යාළුවනේ තව අළුත් ට්‍රික් එකක් අරගෙන ආවා. මේක ඇත්තටම මම ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි.. බ්ලොග් එකේ යාළුවෙක් කරපු කමෙන්ට් එකකට දෙන ප්‍රතිචාරයක් මේක..

මේක පාවිච්චි කරන්න පුළුවන් ඉස්කෝලෙ ලැබ් එකක පිස්වර්ඩ් තියනවා නම් ඒවා කඩන්න. සාමාන්‍යයෙන් තියෙන්නෙ Student එකයි Administer එකයිනේ.. මේකෙදි පුළුවන් Student එකට Administer Permission ගන්න.... ( මේක නිසා ඇතිවන ප්‍රශ්න ගැන ඔයාලා බලාගන්න ඕනේ )

හරි දැන් මාතෘකාවෙන් පේනවනෙ මොකක්ද කරන්න හදන්නෙ කියලා.. මේක විස්තර ඇතිව කියලා දෙන්නම්. තේරුනේ නැත්තම් කමෙන්ට් කරන්න.. ෆේස්බුක් එකට මැසේජ් කරන්න මෙතනින් කනෙක්ට් කරගන්න... 


Facebook

මම වැඩියෙන්ම ඉන්නෙ මෙතන නිසා මේක දැම්මේ...
හරි දැන් වැඩේ පටන් ගමු. මේකට ඕනෙ කරන දේවල් මම පහලින් දාන්නම්.. මේ ටික ඕනෙ කරනවා මේ වැඩේට. මේවායේ 2න් හා 3න් කියලා තියන දේවල් ඩවුන්ලෝඩ් කරගන්න.. Link ක්ලික් කලාම එන වින්ඩෝ එකේ උඩ තියන "Skip Add" ක්ලික් කරන්න....

Requirements :-
  1. Pen Drive එකක්.
  2. USB Formating Tool (Download - 40kb)
  3. Offline NT Password & Registry Editor (Download - 5mb)


හරි ඔය ටික Winrar වලින් හරි මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් Extract කරගන්න. Virus Guard එකත් විනාඩි කීපයකට Disable කරන්න... (Virus කියලා අල්ලන්න පුළුවන්, ඒකයි - තව USB Guard එකක් තියනවා නම් ඒකත් ටික වෙලාවකට Disable කරන්න.)



දැන් ‍මෙන්න මේ පියවර ටික කරගන්න. මේක පෙන් එකකින් වැඩකරන්නේ. ඒක නිසා ‍පෙන් එකක් යූස් කරන්න වෙනවා.



STEPS :-
  1. පෙන් එක ෆෝමැට් කරගන්න. ෆෝමැට් කරන්න දුකයි වගේ නම් ඔහොමම තියන්න. (වැඩි පරිස්සමට කිව්වේ...) මේක ෆෝමැට් කරන්න අපි දීලා තියන ටූල් එකම පාවිච්චි කරන්න. බැරිනම් කැමති එකකින් FAT32 න් ෆෝමැට් කරගන්න.
  2. දැන් "Offline NT Password & Registry Editor" කියලා තියන එකෙන් දීලා තියන ෆයිල් එක Extract කරගෙන ඉවර වෙලා ඒක ‍පෙන් එකට කොපි කරගන්න. ( කොපි කරද්දි ෆෝල්ඩර් ඇතුලට දාන්න එපා පිටට දාගන්න.. ;) නැත්තම් ඒක වදයක් වෙයි.)
  3. ඔයාලගේ කම්පියුටර් එකේ CMD එක Open කරගන්න. CMD එක ගන්න දන්නෙ නැතිනම් Run එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න. (XP වල නම් Run එක පේන්නම තියනවා, Start Menu එකේ. Seven වලදි Search කරලා ගන්න පුළුවන්)
  4. Run එක ගනිද්දි ඒක උඩ Right Click කරලා Run as Administer දීලා ගන්න. මොකද නැත්තම් වෙන PC එකකට ගැහුවාම වැඩ නොකරන්න පුළුවන්.
  5. දැන් ඒකෙදි ඔයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ ලෙටර් එක දෙන්න මේ විදිහට... (පෙන් ඩ්‍රයිව් එකේ ලෙටර් එක My computer වල තියනවා)
    උදා - X: (X වලට ඔයාගෙ Pen එකේ Drive Letter එක දෙන්න)

  6. දැන් අපි CMD එකේ පෙන් එක ඇතුලෙ ඉන්නේ.. දැන් මේ දෙන කෝඩ් එක CMD වල Run කරන්න.
    උදා - syslinux.exe -ma X:
    (X වලට ඔයාගෙ Drive Lettet එක දෙන්න)


හරි ටික වෙලාවකින් Pen එකේ වැඩේ හරි කියලා මැසේජ් එකක් එයි... දැන් Safety විදිහට Remove කරන්න පෙන් එක.

දැන් මේ පෙන් එක ඔයාට Password Bypass කරන්න ඕනෙ PC එකට ගහලා Restart කරන්න.. එතකොට On වෙන්න කලින් Boot Menu එක ගන්න. ඒකට සාමාන්‍යයෙන් එන්නේ Del, F12 එහෙමත් නැතිනම් F9 වගේ.. PC එක on වෙද්දි මේක පෙන්නනවා. දැන් Boot කරද්දි Pen එකෙන් Boot කරන්න...

ඊට පස්සෙ ඒකෙ එන විස්තර ටික නිවැරදිව දාගන්න.... දැන් වැඩේ ඉවරයි..

පෝස්ට් එක හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න.. ප්‍රශ්ණ තියනවා නම් ඒවත් අහන්න.

අපේ අළුත්ම පෝස්ට් ඔයාලගේ ෆෝන් එකටම ගෙන්නගන්න "K1Ng_F1ShEr" කියලා ටයිප් කරලා 40404 ට සෙන්ඩ් කරන්න...
අපේ අළුත් ට්‍රික්ස් දැනගන්න අපිත් එක්ක දිගටම ඉන්න...

හැකින් ගැන දැනගන්න ඕනෙ නම් අපේ අළුත්ම සයිට් එකට සෙට් වෙන්න...


ÊLÎŦĒ HÂĊĸĖŘŝ.

එහෙනම් ආයෙත් අළුත් වැඩ කෑල්ලක් අරගෙන එන්නම්... දැනට අපි කැපුනා.....
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
ashen
admin
August 14, 2015 at 9:00 PM × This comment has been removed by the author.
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon