Torrent ගැන දැනගමු | What is the torrent


  Torrent ගැන දැනගමු  

මෙන්න මම අද ගෙනාවා ටොරන්ට් කියන්නෙ මොකක්ද කියලා පෝස්ට් එකක්. දන්නෙ නැති අය කියවලා බලන්නකෝ. යන ගමන් Comment එකකුත් දාගෙනම යන්න.

ටොරන්ට් කියන්නේ අන්තර්ජාලයෙන් ලිපිගොනු ඩවුන්ලෝඩ් කරගැනීමට භාවිතා කරන කුමවේදයක්. මේක සාර්ථකම ක්‍රමවේදයක් බවට පත්වෙන්නේ මෙන්න මේ හේතු නිසා -

1. ටොරන්ට්, ඕනෑම පරිගණකයක භාවිත කළ හැකි වීම.

2. කිසිදු ආකාරයක මුදල් අයකිරීමක් ටොරන්ට් හරහා සිදු නොවීම.

3. කුඩා ප්‍රමාණයේ සිට ඉතාම විශාල ප්‍රමාණ දක්වා ගොනු බාගත හැකි 
වීම.

4. ඩවුන්ලෝඩ් වන අතරතුරදී අන්තර්ජාල සම්බන්ධතාවයට හෝ පරිගණකයට හෝ සිදුවන අඩාලවීමකදී, ඒ වන තෙක් ඩවුන්ලෝඩ් වූ ප්‍රමාණය සුරැකී තිබීම හා ඕනෑම අවස්ථාවක ඉන් ඉදිරියට ඩවුන්ලෝඩ් කිරීම ක්‍රියාත්මක කරගෙන යාමට හැකි වීම.

5. ටොරන්ට් ක්‍රමවේදය මගින් විශාල ප්‍රමාණයක මාතෘකා ඔස්සේ කරුණු සොයාගැනීමට හැකිවීම හා පහසුවෙන් දත්ත අප්ලෝඩ් කළහැකි වීම.


ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි ප්‍රවාහය කියන එක. ඇත්තටම මේක වචනයේ අර්ථයෙන්ම ප්‍රවාහයක් තමයි. දත්ත ප්‍රවාහයක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේ ටොරන්ට් හදුන්වන්නේ utorrent කියලා. හැබැයි ඇත්තටම මේකේ නම μtorrent. මේ u අකුර අපි ලේසියටයි යොදාගන්නේ. ඇත්තටම එතන තියෙන්නේ μ (micro) අකුර. micro කියන්නේ ක්ෂුද්‍ර කියන එකනේ. ටොරන්ට් භාවිතයේදී පරිගණකයේ කාර්යක්ෂමතාවයෙන් ටොරන්ට් සදහා වැය වන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම මේ ටොරන්ට් සමග වැඩ කිරීම ඉතාම පහසු කාර්යයක්. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය, මහන්සිය වගේම මුදල් පරිහරණයත් ඉතාම අවම මට්ටමින් භාවිතා වන නිසා තමයි මේ μ (micro) කියන වචනය යොදාගෙන තිබෙන්නේ. 



මේ μtorrent මුලින්ම කරළියට ආවේ 2005 අවුරුද්දේ. ඒත් මේක හරියටම සංවර්ධනය වෙලා ‍අන්තර්ජාලය ඇතුළත් කළේ 2006 දෙසැම්බර් 07 වෙනිදා Ludvig Strigeus විසින්. ඔහු ස්වීඩන් ජාතික මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක්. පසුව මෙහි අයිතිය Bittorent.Inc ආයතන වෙත භාර වුණා. දැන් එය පවත්වාගෙන යන්නේ ඔවුන් විසින්. 

මෙම μtorrent මෘදුකාංගය Microsoft Windows, MAC OS සදහා සහ μtorrent Server මෘදුකාංගය Linux සදහා නිර්මාණය කර තිබෙනවා. 

දැන් බලමු μtorrent ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. 
මේ ටොරන්ට් ක්‍රියාත්මක වීම සදහා ප්‍රධාන සංරචක කිහිපයක් තිබෙනවා. ඒවා තමයි torrent file, torrent client, Tracker, Seeder කියන්නේ.

torrent file එකක් කියන්නේ අපිට ඩවුන්ලෝඩ් කරගැනීමට වුවමනා දත්ත සියල්ල පිළිබද විස්තර ඇතුලත් ‍ලිපිගොනුව. මේ torrent file එක තමයි අපි අන්තර්ජාලෙන් හොයලා ඩවුන්ලෝඩ් කරගන්නේ.

torrent client වලින් කරන්නේ අපි මේ ඩවුන්ලෝඩ් කරගත් torrent file එක කළමනාකරණය කරලා, ඒකේ තියෙන විස්තරවලට අනුව අදාල දත්ත ගොනුව අපේ පරිගණකයට ඩවුන්ලෝඩ් කර දෙන එක. 
torrent client කෙනෙක්ට උදාහරණ තමයි μtorrent, BitTorrent මෘදුකාංග.

යම් කෙනෙක් ටොරන්ට්වලට, එයා‍ගේ පරිගණකයේ තිබෙන යම් දත්ත ගොනුවක් (අපි සිංදුවක් හැටියට ගනිමු) අඩංගු torrent file එකක් අප්ලෝඩ් කළ කියලා හිතමු. තවත් කෙනෙක් ඒ torrent file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගන්නවා. ‍එතකොට එයා ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගන්නේ ඇත්තටම ඒ සිංදුව කලින් තිබුණ කෙනාගේ පරිගණකයෙන්. මොකද ඒ සිංදුව තිබුණ කෙනා ඒ සිංදුව අන්තර්ජාලයට අප්ලෝඩ් කළේ නෑනේ. එයා අප්ලෝඩ් කළේ සිංදුව ගැන විස්තර තියෙන torrent file එකවිතරයිනේ. එතකොට ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්ත කෙනා ඒ සිංදුව කලින් තිබුණ කෙනාගේ පරිගණකය හොයාගත්තේ කොහොමද? අන්න ඒක කරලා දෙන්නේ Tracker විසින්. Tracker විසින් කරන්නේ ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරන අයට අදාල ෆයිල්ස් තිබෙන පරිගණක සොයා දෙන එකයි. ඒ කියන්නේ ටොරන්ට් මගින් සිදුවෙන්නේ, යම් කෙනෙක් අන්තර්ජාලයෙන් දත්ත ඩවුන්ලෝඩ් කරගැනීම නෙමෙයි, අන්තර්ජාලය හරහා වෙත් අයගේ පරිගණකවලින් දත්ත ලබාගැනීමයි.

දැන් මේ seeds කියන්නේ මොනවද බලමු. අපි කලින් උදාහරණයම ගමු. සිංදුව මුලින් තිබුණ කෙනා ඒක අදාල torrent file එක හදලා අන්තර්ජාලයට අප්ලෝඩ් කළාට පස්සේ ඒ සිංදුව වෙනුවෙන් seed 1ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ සිංදුව එක්කෙනෙක් ලග තියෙනවා. දැන් ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්ත කෙනාගේ පරිගණකයෙත් ඒ සිංදුව තියෙන නිසා දැන් seeds 2ක්තියෙනවා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ලග මේ සිංදුව ටොරන්ට් එකක් හැටියට තියෙනවා. තව 100 දෙනෙක් මේක දැකලා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්තොත් අර මුල් දෙන්නත් එක්ක seeds 102ක් තියෙනවා. ඒ කියන්නේ මේ seeds කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න, මෙම දත්ත ගොනුව අඩංගු වෙන පරිගණක සංඛ්‍යාවයි. මේ seedersලගෙන් තමයි කොටස් කොටස් වශයෙන් අපේ පරිගණකයට අදාල දත්ත ගොනුව බාගත වන්නේ.

torrent නැත්තම් මෙතනින් බා ගන්න. පොඩ්ඩක් හරි වැදගත් උනා නම් Comment එකක් දාලම යන්න.
Previous
Next Post »

5 comments (අදහස්)

Click here for comments (අදහස්)
August 16, 2015 at 1:49 AM ×

Thanks. Machan, torrent sites banned karapu ratakin torrents download karana widihak kiyanawada? Thanks

Reply
avatar
Unknown
admin
November 18, 2015 at 8:53 PM ×

Ela mcn.niyamata therun karala thiyenava

Reply
avatar
Unknown
admin
May 16, 2019 at 11:46 PM ×

PEERS KIYNNE MOKKD?

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon