Virtual Wi-Fi host එකක් සාදාගමු



Image result for Wifi


Virtual Wi-Fi host එකක් සාදාගමු



ඉතින් කොහොමද ඔයාලට.. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 os එකක් තියන Laptop/Pc(with WiFi) එකකින් virtual WiFi host එකක් හදාගන්නෙ කොහොමද කියලා…


මේකට අපිට ඕන වෙන්නෙ හුරු පුරුදු command prompt එක විතරයි.

මම මුලින් ම කියලා ඉන්නම්කො මොකක්ද මේ virtual WiFi host එකකින් වෙන්නෙ කියලා…
        සාමාන්‍යයෙන් අපිට WiFi host එකක් හදා ගන්න WiFi router එකක් ඕන වෙනවා. එත් මේ virtual WiFi host එකක් හදාගත්තහම ඔය මුකුත් ඔන වෙන්නෙ න. ලේසියෙන් ම ඔයාගෙ අනික් Laptops, PC, Mobile Phones වගෙ ඒවා network එකට සම්බන්ධ කරගන්න පුලුවන් වෙනවා.. wire මුකුත් ඕන වෙන්නෙ නැ..

එහෙනම් කතා ඇති. අපි වැඩේ පටන් ගමුකො….

01.මුලින්ම ඔයා command prompt එක administrator(Run as administrator) එකෙන් open කරගන්න.

02.දැන් මේ command එක type කරන්න… C:\Windows\system32>netsh wlan set hostednetwork mode=allow ssid=MYWIFI key=passwrd

03.ඔය MYWIFI , passwrd කියන තැන් වලට ඔයාට කැමති එකක් දාගන්න පුලුවන්..

04. Enter press කරපුවාම ඔයාට මේවගෙ ප්‍රතිදාන(output) ටිකක් දකින්න ලැබේවි..

" The hosted network mode has been set to allow.
The SSID of the hosted network has been successfully changed.
The user key passphrase of the hosted network has been successfully changed.
"


05.ඔන්න ඔච්චරයි settings හදන්න තියෙන්නෙ. ඔයාට host එක start කරන්න ඕන වුනාම මේ command එක type කරන්න. "C:\Windows\system32>netsh wlan start hostednetwork"


දැන් ඔයාට පුලුවන් හිතේ හැටියට ඔයාගෙ wifi host එකට devices connect කරගන්න.

මේ virtual WiFi host හදාගන්න තවත් ලේසි විදියක් තියනවා.  ඒ තමා software එකක් use කරන එක. windows 7 වල host හදන්න හොදම software එක connectify ලු.


හරි මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි. මොකද මට එච්චරයි ඉතුරු. කැමතිනම් විතරක්.... බල කරන්නෙ නැහැ.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon