Phishing (දැන ගැනීමට පමනි)


Phishing (දැන ගැනීමට පමනි)

න්න ආයෙත් මම ඔයාලට ඕන කරන වැදගත් දෙයක් ගෙනාවා. මේක ගැන දන්න අයත් ඇති. නොදන්න අය වැඩි හින්දා මම අරගෙන ආවා.

මේ වචනය කියවද්දි ඔයාලට මතක් වෙනවා ඇති Fishing(මාළුබෑම). මේකත් ඒ වගේම තමයි.  මේකට මම ඡායාරෑපයක් එක්කම දාලා තියනවා බලන්නකෝ.



මේ පින්තූරයේ තියෙන්නේ කවුරු හරි අන්දන්න වෙන කෙනෙක් හදපු Facebook එකේ Phishing page එකක්.
        Phishing වලදී වෙන්නේ අපේ පරිගණකයේ භාවිත වෙන සංවේදී දත්ත (Usernames, Passwords, Bank card number and Credit card number) ආදිය බොහෝම පහසුවෙන් අපගෙන්ම ලබාගැනීමයි. මේ site ඉතාමත් නීත්‍යානුකූල ස්වරූපයක් පෙන්නනවා. මේක වෙන්නේ අපට ලැබෙන E-Mail ආදියේදී අප ලබා දෙන දත්ත මගින්, අප සාමාජිකත්වය ලබාගෙන ඇති සමාජීය වෙබ් අඩවි (Social Networking) වලින්, අන්තර්ජාලය හරහා සිදුකරන යම් යම්  Online  ගනුදෙනු වලදී අප ලබාදෙන තොරතුරු උපයෝගී කරගෙන සහ තවත් නොයෙකුත් අපට සැකයක් ඇති නොවන ක්‍රම මගින් කිසිදු සැකයක් ඇති නොවන ලෙසට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. 

අද වෙද්දි මෙම Phishing කටයුතු වල යෙදී සිටින්නන් වැඩිපුරම අවධානය යොමු කර තිබෙන්නේ සාමාජීය වෙබ් අඩවි ආදියටයි. මොකද ඒවායෙන් හොරකම් කරගන්න තියන දත්ත ප්‍රමානය වැඩියිනෙ. ඒ නිසා තමයි ඒ සමාජීය වෙබ් අඩවි වලට ඇතුල් කරන දත්ත එම වෙබ් අඩවි වලට ඇතුලු කරද්දි විවිධ උපක්‍රම භාවිත කිරීමට අපට උපදෙස් ලබා දීම හා කලින් කලට ආරක්ෂිත ක්‍රම වල යාවත්කාලීන කිරීම් සිදුකරනුයේ.


ඉතිරිය පසුවට......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon