Software නැතුව Hide කරමු.


  Software නැතුව Hide කරමු.  

ඔන්න කට්ටියටම දැනගන්නත් එක්ක මම ‍‍පොඩි Trick එකක් ‍ගෙනාවා. ඔයාලට වටින කියන රහස් එ‍හෙම තියනවා නම් මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා දන්නවනේ සාමාන්‍ය විදිහට Right Click කරලා Properties ගිහින් Hide කරන්න පුලුවන්නේ.....
මේ ක්‍රමයේදි නම් එහෙම කරන්නේ නෑ.
සාමාන්‍යෙයෙන් Software එකකින් Hide කරද්දි Password එක මතක  නැති උනොත් ඉදලා ඉවරයිනේ. අපි ඉතින් ඔය Password ලියලා තියාගන්න එකක් ඈ......

හරි දැන් රවුම් ගැහුවා ඇති. අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ Notepad එක Open කරගන්නකෝ. හරි දැන් මම පල්ලෙහා දාලා තියන Code එක ඔයාලගේ Notepad එකට Copy කරගන්න.



@echo off 
attrib +s +h +r *.* /S /D 
attrib +s +h +r /S /D *.* 
pause 


හරිනේ දැන් මේක ඔයාලා Save කරගන්න ඕනේ. ඔයාලට කැමති තැනක Save කරගන්න. Save කරගනිද්දි නමේ අගට .CMD කියන Extension එක දෙන්න ඕන. Run.cmd මේ විදිහට Save කරගන්න. දැන් Save කරගත්ත එක Hide කරගන්න ඕන Folder එක ඇතුලට Copy කරගන්න. හැබැයි ඔයාලට Hide කරගන්න ඕන දේවල් ඔක්කොම එක Folder එකක් ඇතුලට දාලා තියන්න. මොකද මේ ක්‍රමයේදී Folder එකේ තියන හැමදේම Hide වෙනවා.
දැන් මේක Run කරන්න.




මේ විදිහට "Press any key to continue........." වැටුනම Enter කරන්න. දැන් Folder එකේ තියන හැමදේම Hide වෙලා තියනවා.

දැන් Hide කරගත්තට මදිනේ ඒක Unhide කරගන්නත් ඕනනේ. මේකට පහල තියන Code එක ඔයාලගේ අලුත් Notepad එකකට Copy කරගන්න.

@echo off
attrib -s -h -r *.* /S /D
attrib -s -h -r /S /D *.*
pause


දැන් ඒකත් කලින් වගේම Save කරගන්න.
මේකත් Save කරද්දි .CMD කියන Extension එක දෙන්න. -Run.cmd විදිහට කැමති තැනක Save කරගන්න. දැන් Save කරගත්ත එක Hide කරගත්ත Folder එක ඇතුලට Copy කරගන්න.
දැන් මේක Run කරන්න.
එතකොටත් කලින් වගේම "Press any key to continue......." වැටුනම Enter කරන්න. දැන් Folder එකේ තියන හැමදේම Unhide වෙලා තියනවා.

දැන් හරිනේ. හොදයි කියලා හිතෙනවා නම් Share කරන්න. මොකක් හරි ගැටලුවක් තියනවා නම් Comment එකක් දාලම යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon