Anonymous Hackers කියන්නෙ කවුද?


Anonymous Hackers

ඇනෝනිමස් හැකර්ස් කියන්න ලෝක ව්‍යාප්ත අන්තර්ජාලය සම්බන්ද හැකර් කණ්ඩායමක්. ඒ වගේම මොවුන්ව හදුන්වන්නේ, internet gathering ලෙස, එනම් (ඉන්ටනෙට් එකතුවක්) යන්නයි, මොවුන් මේ හැකිං කරලියට අවේ 2010 දෙසැම්බර් මාසයේදීයි. ඒ විකිලික්ස් වෙබ් අඩවිය සහ ඇමරිකානු විවිද රහස් වැඩ පිළිවෙලවල් හෙලිදරව් කිරීමෙන් අනතුරුවයි.

මේ, Anonymous කියන්නේ, ඉතා බලවත් හැකර් කණ්ඩායමක්, මොවුන් විවිද අවස්ථාවලදී විවිද හැකිං ප්‍රහාල එල්ල කරනු ලැබුවා.....

ඇනොනිමස් කණ්ඩායමේ හැකිං ප්‍රහාර......

2011 ජනවාරි මස 11 දා සිට අප්‍රේල් මට 20 දක්වා.....
ඔන්ලයින් පරිගණක ක්‍රීඩා සැපයූ සෝනි ප්ලේස්ටේෂන් වෙබ් අඩවියට දසවෙනි වතාවටත් හැකර් ප්‍රහාර දියත් කලා, ඒ නිසා සිදුවු පාඩුව කෝටි 1800 කි.

මැයි 19 - නාසා ආයතනය

මැයි 24 - ජපානනේ සෝටි මියුසික් ආයතනය

මැයි 27 - ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් ආරක්ෂක ආයතනය

මැයි 29 - හොන්ඩෝ කැනඩා ආයතනයට පිවිස වාර්ථා 283000 ක් සොරා ගත්තේය.

ජූනි 9 - ඉරාන රජයේ ඉ-මේල් ලිපින 10000ක් සොරා ගත්තේය.

ජූනි 3 - සෝනි සමාගමේ යුරෝපා දත්ත ගබඩාවට පිවිසුණි.

ජූනි 5 - සෝනි සමාගමේම රුසියානු දත්ත ගබඩාවට පිනිසුනි.

ජූලි 15 - ඇමරියානූ ඇණ්ඩුවේ ආරක්ෂක උපදේෂක සමාගමක් වන බුස් ඇලන් හැමිල්ටන් ආයතනයෙන් පාර්වර්ඩ් සහිත ඉ-මේල් ලිපින 90000 ක් සොරා ගත්තේය. දැන් ඒවා ෆයිල් ෂෙයාරින් වෙබ් අඩති තුල ප්‍රසිද්ධ කොට ඇත.

ජූලි 14 - ඇමරිකානු රජයට ඉතා පක්ෂපාතී කෘෂිකාර්මික බයෝතාක්ෂන ආයතනයක් වෙන මොන්සැන්ඩෝ සමාගමට ප්‍රහාර එන්න කලේය....

මේ තමයි මොවුන් විසින් වැඩ පෙන්වූ අවස්ථා...... ඒ වගේම මෙම කණ්ඩායම විසින් ගයිඩෝ ෆේකිස් වෙස් මූන පැලද සිටිමට වීශේෂත්වයක්.....

ඔයාලා දන්නවා ඇතිනේ, මේ Anonymous වලට අමතරව තවත් හැකිං කණ්ඩායමක් සිටිනවා කියලා, ඒ තමයි ලූල් සෙක්......ඒක තමයි දැන් ගොඩක්ම බය.....මොකද? දැන් එකමුතුවත් තියෙන්නේ, ඒ වගේම මේ කණ්ඩායම් දෙකටම, තව තවත් පොඩි පොඩි හැකිං සමාජ තොරතුරු සපයනවා......

දැන් මේ හැකිං සමාජ ප්‍රභලයි. Facebook එක හැක් කරන්න උනත් මේ කණ්ඩායමට බැරි නෑ. හැබැයි ඉතින් Mark අයියත් නිකම් ඉන්න එකක් නෑ.

බ්‍රිතාන්‍යෙය් ඉහලම පොලිස් ආයතනය වන SOCA ආයතනයට පසුගිය ජූනි මස 20 වැනිදා, හැකිං ප්‍රහාරයක් දියත් කලා, ඒ ලූල් සෙක් හා ඇනෝනිමස් කණ්ඩායම් දෙකේ ඉකතුවෙනි.

කියවලා බලලා ඉගෙන ගත්තනම් Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
October 29, 2015 at 9:00 PM ×

Niyamai

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon