PHP Variables (විචල්‍යයන්) (PHP සිංහලෙන් - 5)


Variables යනු අගයක් සඳහා වු සංඛේත ලෙස හැදින්විය හැකිය. PHP වලදී Variable නමක් ලිවීමේදී යම් කිසි නීති පද්ධතියක් පවතී. එනම්
1.    Variable නම ආරම්භය “$” ලකුණින් විය යුතුය.
2.    ඊලගට අකුරක් ( letter ) හෝ  “_”  ( underscore ) ලකුණ තිබිය යුතුය.
3.    ඉන් පසු අකුරු (letter), ඉලක්කම් (Numbers)“_”(underscore)හෝ “-” ( dashe )තිබිය හැකිය.
4.    නම අතර තුර හිස්තැන්( spaces ) නොතිබිය යුතුය.
5.    එසේම Variable නම් කැපිටල් හා සිම්පල් වීම මත වෙනස් (එනම් case-sensitive )වේ.

 -------------------------------------------------------------------------------------------


දැන් අපි Variable නම් වලට නිවැරදි උදාහරණ කීපයක් බලමු.

  1. $item
  2. 1.    $Item
  3. 2.    $myVariable
  4. 3.    $this_variable
  5. 4.    $product3
  6. 5.    $_book
  7. 6.    $this-variable
  8. 7.    $__book


ඉහත දක්වා ඇති Variable සියල්ලම නිවැරදි ඒවා වේ නමුත් ඉන් කිහිපයක් ප්‍රායෝගිකව භාවිතය නුසුදුසුවේ

  1. 1.    $_book මේ ආකාරයට PHP මගින්ම Variablesසාදන නිසා අපද මෙසේ සෑදීමෙන් ඒවා අතර වෙනද අදුර ගැනීම අපහසු වේ. එනිසා එවැනි Variable භාවිතයෙන් වලකින්න.
  2. 2.    $this-variable මෙහිදී භාවිතා කර ඇති  “-”(dashe) ලකුණ අඩුකිරීමේ ලකුණ හා සම බැවින් අදුරගැනීමේ අපහසු වේ. එනිසා එවැනි Variable භාවිතයෙන්ද වලකින්න.
  3. 3.    $__book මෙහිදී “_”  ( underscore ) ලකුණු දෙකක් එකවර භාවිතා කිරීම නිසා අදුනා ගැනීමට අපහසු තාවයක් ඇතිවේ. එනිසා එවැනි Variable භාවිතයෙන්ද වලකින්න.


 -------------------------------------------------------------------------------------------


මුල සිටම මෙවැනි දෝෂ මග හැරීමට පුරුදු වීම තුලින් පසු කාලීනව නිවැරදි හා ඉක්මන්ව PHP කොඩින් කිරීමට මග සැලසෙනු ඇත.
 -------------------------------------------------------------------------------------------


දැන් අපි Variable එකක් සාදන ආකාරය ( define a variable) හා ඒ සෑදු Variableඑකට අගයන් ආදේශකරණ අයුරු බලමු.

පඉහත රූපයේ ඇති කොඩ් එක variables.php ලෙස wamp/www/htm යන ෆොල්ඩරය තුල save  කර ඇත. ( htm යනු www ෆොල්ඩරය තුල මා විසින් සාදා ගන්නා ලද ෆොල්ඩරයකි. )


ඉන් පසු වෙබ් බ්‍රවුසරයක් විවෘත්ත කර එහි localhost/htm/variables.php ලෙස කොටා enter කරන්න.


දැන් අපි තවත් විවිධාකාර code කිහිපයක් අත්හදා බලමු.
 -------------------------------------------------------------------------------------------


මෙහි variable දෙකක් ඇත. එකක් සඳහා අංකමය අගයක් ආදේශකර ඇති අතර අනෙකට පදපේලියක් ඇතුල් කර ඇත.


 -------------------------------------------------------------------------------------------


මෙහි එකම නමින් නමුත් එක් අකුරක් පමනක් කැපිටල් වු variable දෙකක් ඇත. <br /> යනු HTMLවල නව පේලියකින් ආරම්භ කිරීම සඳහා භාවිතා කරන ටැගයකි.




 -------------------------------------------------------------------------------------------


මෙහිදී එක ‍ variable එකට අවස්ථා දෙකකදී අගයන් දෙකක් ආදේශ කර ඇත. එය ක්‍රියා කරණ අයුරු බලන්න.


 -------------------------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.


Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon