HTML සිංහලෙන් පාඩම 4 - Headings


         අපි පසු ගිය පාඩමෙන් ප්‍රායෝගිකව අපි ඉගෙන ගත්ත දේවල් කරල බැලුවනේ, ඉතින් අද පාඩමෙන් අපි තව දුරටත් HTML වලය අදාල න්‍යායාත්මක කරුණු ඉගෙන ගමු. ඊට පස්සේ ඒවා ප්‍රායෝගිකව අත්හදා බලමු.

HTML මාතෘකා එහෙමත් නැත්තම් HTML Headings

              අපි ලිපියක් සම්පාඳනය කිරීමේදී මෙන්ම වෙබ් පිටු වලදීද මාතෘකා ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනව. HTML වලදී වෙබ් පිටුවට මාතෘකා එක් කිරීමට භාවිතා කරන්නේ <h1> වල සිට <h6> දක්වා වූ tags මගින්. මේවාට closing tag එකක්ද ඇත. <h1> tag එක මගින් විශාලම (කැපීපෙනම) මාතෘකාවද <h6> මගින් කුඩාම මාතෘකාවද නිරූපණය වේ.


උ.දා:-
                  <h1> coding සිංහලෙන් </h1>


 එක් tag එකට අදාල පෙනෙන ආකාරය පහතින් දැක් වේ,


                  <h1> ---------->

                  coding සිංහලෙන්


                            <h2> ---------->

                                         coding සිංහලෙන් 

                   <h3> ---------->

                                 coding සිංහලෙන්

                    <h4> ---------->

                                         coding සිංහලෙන්

                    <h5> ---------->
                                           coding සිංහලෙන්
                    <h6> ---------->
                                                          coding සිංහලෙන්
         දැන් ඔයාලත් පසු ගිය පාඩම් වල දැනුමත් භාවිතා කරල මම පහතින් දෙන HTML code එක web browser එකක් භාවිතා කරල open කරල බලන්නකෝ.....

 <html>

           <head><title>My Headings</title></head>

           <body>


                      <h1>My Headings</h1> <br/>
                      <h2>My Headings</h2> <br/>
                      <h3>My Headings</h3> <br/>
                      <h4>My Headings</h4> <br/>
                      <h5>My Headings</h5> <br/>
                      <h6>My Headings</h6> <br/>   

           </body>
 
</html> 



වැඩේ හරියට කලා නම් මෙන්න මේ වගේ තමයි පෙන්නේ......





    තව දෙයක් ඔයාල දැක්කද දන්නේ නෑ අද මම තව අළුත් tag එකක් භාවිතා කරා code එක ලියන්න. ඒ තමයි <br/> tag එක අපි මේ tag එක භාවිතා කරන්නේ line එකක් break කර ගන්න වුවමනා උනාමයි. උදාහරණයක් වශයෙන් අපිට අවශ්‍ය වුනොත් අළුත් paragraph එකකට යන්න නැතුව අළුත් පේලියකින් නැවත ලිවීම ආරම්භ කරන්න ඕන කියල අන්න ඒ වෙලාවට තමයි මේ tag එක භාවිතා වෙන්නේ. පහත උදාහරණය බලන්නකෝ...


මේ තමයි code එක

 

 <html>

           <head><title>Breaking Tag</title></head>

           <body>


                  <p>coding sinhalen <br/> coding sinhalen coding sinhalen </p> 

           </body>
 
</html>


ඒක පෙන්නේ මෙන්න මේ වගේ




මම හිතනව ඔයාලට ඒ tag එක තේරුනා කියල. ආයෙත් පාඩමකින් හමු වෙනකම් ගිහින් එන්නම්.


මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon