PHP හැදින්වීම ( PHP සිංහලෙන් - 1 )

වර්තමාන වෙබ් අඩවි අතුරින් බලවත් මෙන්ම ආකර්ශණශීලී වෙබ් අඩවි බහුතරය පදනම වී ඇත්තේ  PHP ය. මෙහිදී  PHP සිංහලෙන් යන ලේබලය යටතේ සරලව සිංහලෙන් මූලික  දැනුම ගෙන ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 


-------------------------------------------------------------------------------------------

PHP යනු කුමක්ද? 

PHP නිර්මානය කර ඇත්තේ HTML භාශාවත් සමග යෙදීමටයි. PHP මගින් වඩාත් ආකර්ශන ශීලීව HTML පිටු (web පිටු) නිර්මානය කල හැකි අතර. HTML පමනක් භාවිතා කර සාදන ස්තීර පෙනුමැති වෙබ් සයිට් වලව වඩා වෙබ් පිටුවට පිවිසෙන්නාගේ ගතිගුන (වෙබ් බ්‍රවුසරය, භාෂාව ආදී) මත හෝ Data base (දත්ත ගබඩාවක) ඇති තොරතුරු මත පෙනුම වෙනස් වන වෙබ් අඩවි නිර්මානයද PHP මගින් සිදු කරන ප්‍රදාන කර්යයන්ගෙන් එකකි. 

                                PHP යනු පරිගනක server හා බැදෙන scripting පරිගනක භාශාවකි. එනම් PHP පිහියට විය යුත්තේ පරිගනක server එකක් තුලය. scripting පරිගනක භාශාවන් කිහියක් ලෙස SQL, Java Script, ආදිය දැක්විය හැකිය. ඒ අතරින් , Java Script භාශාවද HTML පිටු තුල භාවිතා කලද එයින් PHP වෙනස් වනුයේ පරිගනක server යක් තුල ක්‍රියා කරන බැවිනි. PHP හී අනන්‍ය වදන් (Syntax) බොහෝ දුරට C, Java, Perl යන පරිගනක භාශාවන්හී අනන්‍ය වදන් (Syntax) සමාන වේ. නමුත් මෙම පාඩම් මාලාවට ඔබ එම භාෂා පිළිබඳ පෙර දැනුමක් අවශ්‍ය නොවේ. 

PHP විවෘත්ත කේත (Open Source) මෘදුකාංගයක් වනවා මෙන්ම එය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයකි. එමෙන්ම PHP ඔනෑම Platform (Linux, mac, UNIX, Windows ) එකක තැනීම, නැරබීම, ක්‍රියා කරවීම සිදුකල හැකිය. PHP  වෙබ් පිටු වැඩිදියුනු (Develop) කිරීම උදෙසා විශේෂ වූ Object Oriented ගති ලක්ෂන සහිත බලවත් පරිගනක භාශාවකි. මේ සදහා වැඩි ඉගනුමට PHP නිපැයුම් කරුවන්ගේ පිටුවෙහිද ආධාර පවතී. දැනට ලොව වෙබ් අඩවි අතුරින් මිලියන 20 පමන වෙබ් අඩවි PHP උපයේගී කර සැකසූ ඒවායි. 


-------------------------------------------------------------------------------------------
PHP ඉතිහාසය 

1 වන සංස්කරණය : 1994

Rasmus Lerdorf විසින් C පරිගනක භාශාව උපයෝගී කරගනිම්න් නිර්මානය කරන ලදි.

2 වන සංස්කරණය : 1995

Rasmus Lerdorf විසින්ම තමාගේ පුද්ගලික වේබ් අඩවිය වැඩි දියුනු කිරීමට යොදාගත් අතර PHP යන් නාමය ඉදිරිපත් කෙරිනි. PHP යනු “Personal Home Page Tools” ලෙස නම් විය. මහජන ප්‍රයෝජනය සඳහා නිකුත් කෙරිනි.

3 වන සංස්කරණය : 1998
Andi Gutmans සහ Zeev Suraski විසින් PHP හී ප්‍රධාන අංගයන් රචිත අතර එහිදී නමද යම් වෙනසකට භාජනය කෙරිනි. ඒ “: Hypertext Preprocessor” ලෙසයි.


4 වන සංස්කරණය : 2000
වැඩි දියුනු කෙරුනු අතර තවමත් වැඩි දියුනු කෙරේමින් පවතී.


5 වන සංස්කරණය : 2004
පර්යේකයින් මඩුල්ලක් මගින් වැඩි දියුනු කෙරුනු අතර තවමත් වැඩි දියුනු කෙරේමින් පවතී.

-------------------------------------------------------------------------------------------

Rasmus Lerdorf
 
Andi Gutmans 


 Zeev Suraski

මීලඟ පාඩමෙන් PHP පළවන පාඩම ආරම්භ කරන තෙක් ඔබ සැමට ස්තූතියි.


-------------------------------------------------------------------------------------------


මේ සම්බන්ධ ඕනැම ගැටලුවක් පහතින comment කරන්න.


Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon