HTML සිංහලෙන් පාඩම 2 - Tags

          
                පසුගිය පාඩමෙන් අප යම් තරමක හෝ අවබෝධයක් HTML පිළිබඳව ලබා ගත්තා මතක ඇතැයි සිතමි. ඒ ටික මතක නැත්තම් හරි බලන්න බැරි උනා නම් හරි මෙතනින් ඒ ලිපිය කියවලම අද වැඩ පටන් ගමු. අද මම කරන්නේ ඒ ලිපිය නවත්තපු තැන සිට ඉදිරියටයි.

                                                                   මම අන්තිමටම කලේ tag ගැන පොඩ්ඩක් කියපු එකනේ, අද අපි තව දුරටත් ඒ ගැන කතා කරමු. HTML වලින් document එකක් නිර්මාණය කර ගැනීමේදී අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් මෘදුකාංග තිබුනත් මම මෙහිදී භාවිතා කරන්න හිතාගෙන ඉන්නේ Notepad එක පාවිච්චි කරල කරන ක්‍රමය. මොකද notepad එකේ code කිරීමේදී අතින් සෑම code එකක්ම ලියන්න සිදුවෙන නිසා tags පිළිබඳ ඔබේ දැනුම තවත් දියුනුවේවි එය කිසිදා Micromedia Dreamviewer වැනි මෘදුකාංග භාවිතයෙන් ලබා ගත හැකි නොවේ.

අපි පහතින් Tags වල විශේෂතා කිහියක් ගැන දැන ගනිමු.

  • HTML tag එකක් හැදෙන්නේ Keyword එකක් <.....> මෙන්න මේ angle brackets වලින් වට උනාමයි.  උ.දා - <html>
  • ඒ වගේම සාමාන්‍යෙයන් HTML tags තයෙන්නේ යුගල වශයෙන්. උ.දා - <html> සහ </html>
  • <.......> මේ විදිහට තියෙන tag එකට අපි කියනව ආරම්භක tag එක (opening tag) කියල.
  • </......> මේ විදිහට තියෙන tag එකට අපි කියනව අවසාන කිරීමේ tag එක (closing tag) කියල.
                  දැන් ඔයාලට හිතෙනව ඇති අපිට මොකටද මේ tags කියල?, අපි HTML වලින් යම් නිර්මාණයක් කිරීමේදී අපේ සෑම කොටසක්ම නිවැරදිව කියවන්නාගේ web browser එකට විස්තර කර දිය යුතුවේ. මෙන්න මේ භාරදූර කාර්යය තමයි tags වලින් අපි ඉෂ්ඨ කර ගන්නේ. (හැබැයි ඉතින් සෑම web browser එකක්ම බහුතරයක් tags එකම ආකාරයකට කියෙව්වත් සමහර tags එසේ නොවෙන්න පුළුවන්) මම හිතනව දැන් ඔයාලට tags ගැන පොඩි හෝ අවබෝධයක් ලැබුනා කියල.
                              
                                                                                                                        HTML coding කරනකොට සාමාන්‍ය පිළිවෙල තමයි <opening tag> අන්තර්ගතය <closing tag> යන ආකාරයට ලිවීම. මේක වෙනස් වෙන අවස්තාත් නැතුවම නොවෙයි. අපි ඒවා ගැන අදාල තැන් වලදිම කතා කරමු, දැනට මේ විඳිහ මතක තියාගන්කෝ. විශෙෂ අවස්ථා පස්සේ මතක තියා ගමු.

                                                    අදට පාඩම නිමයි. අපි ඊළග පාඩමෙන් අපේ පළමු HTML web page එක හදමු. ගිහින් එන්නම්. ප්‍රශ්න තියෙනවානම් comment කරන්න. ඊළග පාඩමෙන් හමු වෙමු.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon