HTML සිංහලෙන් පාඩම 1 - හැඳින්වීම

                  අද මේ පලමු ලිපියේ පටන් මම බලාපොරොත්තු වෙන්නේ HTML ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔබ සැම දෙනාටම මුල සිට සරලව (ඕක ඉතින් හැම හංදියක් හංදියක් ගානේ තියෙන poster වලත් ගහල තියෙන්නේ ඒ වුනාට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ....! ) කියල දෙන්නයි. ඔයාලගෙ ඔනෑම ප්‍රශ්ණයක් comment වලින් මට කියන්න. දැන් අපි පාඩමට යොමු වෙමු.....


මොකක්ද මේ HTML කියන්නේ?

                  අපි අන්තර්ජාලයේ සැරි සරද්දි අපි පිවිසෙන බොහො වෙබ් අඩවි, ඔබට සරලව Word Processing මෘදුකාංගක් භාවිතා කොට තැනිය හැකි යයි සිතුනාද? මේ පහල උදාහරණය ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්නකෝ.

Figure 1

            හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නේද? ඒත් එසේ සාදාගත් ලිපි අන්තර්ජාලයට එක් කිරීමේදී ගැටලු පැන නැගෙනව. හරියට ඔබ MS Word වලින් සදාගත් ලිපියක් Notepad එකෙන් විවෘත්ත කරන්න ගියොත් වෙන දේ වගේ. 




              මේ වගේ තවත් ගැටළු කිහිපයක්ම නිසා අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන ලිපි සදහා විශේෂ වූ පොදු සම්මත ක්‍රමයක් අවශ්‍ය වුනා, එවිට ඒවා web browsers මගින් ඉක්මනින්ම කියවාගත හැකි වෙනවා. (පොදු ක්‍රමයක් භාවිතා වන නිසා). W3C නැමැති සංවිධානය මේ සදහා මුල් වී ක්‍රියා කරනු ලබයි. මේ අවශ්‍යතා සදහා ඇති වුන පොදු සම්මත ලේඛණ භාෂාව තමයි HTML (Hyper Text Markup Language) ලෙස හඳුන් වන්නේ. තවත් වැදගත් දෙයක් තමයි මේ භාෂාව programming language එකක් නොව Markup language එකක් වීමය. මේ නිසා markup tags භාවිතා කොට මේ වෙබ් පිටු සකස් කරනු ලබයි. (Tags ගැන බය වෙන්න එපා ඊලග පාඩමෙන් අපි මේ Tags ගැන වැඩි දුරටත් ඉගෙන ගමු). සරලව කියනවා නම් මේ tags වලින් කරන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය දිස් වෙන්න ඕන ආකාරය web browser එකට විස්තර කිරීමයි.

              අපි තව දුරටත් මේ ගැන විස්තර මීලග පාඩමෙන් කතා කරමු. මේ පාඩම ගැන ඕනෑම ගැටළුවක් තියෙනවානම් මට comment කරන්න.


Oldest


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon