HTML සිංහලෙන් පාඩම 5 - Paragraph




           මම පසුගිය පාඩමෙන් headings ගැනයි <./br> tag එක ගැනයි කියල දුන්න ඒව මතක ඇතියි කියල හිතනව මම. අද පාඩම මම එතන ඉදලයි ඉදිරියට කරගෙන යන්නේ. අද අපි බලමු HTML වලදී ජේදයක් (paragraph) එකක් කොහොද එකතු කර ගන්නේ කියල. මේ වැඩේට අපි භාවිතා කරන්නේ <p> කියන tag එක මේ tag එකටත් opening හා closing tags තියෙනව. අපි උදාහරණයක් බලමු. තව දෙයක් අපේ මේ පාඩම් මාලාව කියවන Mahesh මිත්‍රයා ඉල්ලීමක් කරල තිබුනා Notepad++ ඔයාලට හඳුන්වාදෙන්න කියල. මේ මෘදුකාංගය භාවිතයෙන් කේතනය කිරීම පහසුයි ඔයාලත් භාවිතා කරලම බලන්නකෝ. 


<html>

           <head><title>My Paragraph</title></head>

           <body><p> This is a paragraph This is a paragraph This is a paragraph </p>

                      <p>This is another paragraph This is another paragraph This is another paragraph</p>

           </body>

</html>


ඉහතින් දැක් වූ code එක පේන්නේ මෙන්න මේ වගේ,


          මේ <p> tag එක මගින් එයට පළමුව හා එහි closing tag එක </p> ට පසුව හිස් පේලියක් එකතු කරනු ලබයි. එම නිසයි ඉහත උදාහරණය මේ ආකාරයට දිස් වන්නේ. අපි දැන් ටිකක් ප්‍රායෝගික දේවල් කරපු නිසා ලබන පාඩමෙන් තවත් න්‍යායාත්මක කරුණු කිහිපයක් ඉගෙන් ගනිමු HTML ගැන.


මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.

මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon