CSS සිංහලෙන් -01


මම අද පටන්ගන්න මේ පාඩම් මාලාවෙන් ඔයාලට CSS එහෙමත් නැත්තම් වෙබ් ඩිසයිනින් වලදි වැදගත් වෙන තවත් එක් භාෂාවක් පිලිබදව සරළව කියල දෙන්නම්.

මොකද්ද මේ  CSS ?

     අපි දන්න විදියට වෙබ් අඩවි නිර්මානයෙදි ප්‍රධාන ලෙස භාවිතා කරන ක්‍රමලේඛන භාෂාව තමා HTML. නමුත් වේබ් පිටුවට ලස්සන හැඩ වැඩ දාද්දි යම් යම් සීමා තියනව. ඉතින් මේ සීමාවන් ඉවත් කරන් වෙබ් පිටු ලස්සන කරන්න තමා මුලිකවම css පාවිච්චි කරන්නෙ.

CSS කියන්නෙ Cascading Style Sheet කියන එක. තේරුන් නෑ නේද? හරි , මම කියල දෙන්නම්, වෙබ් පිටු අලංකරනයට යොදා ගන්න පසුතල සහිත සැකැස්ම එහෙම නැත්තම් layout එකට අපි කියනව ස්ටයිල් ෂීට් ( style sheet ) කියල. ඉතින් ඒ වගේ ස්ටයිල් ෂීට් ගණනාවක් සම්බන්ද කරගත්තම කියනව කැස්කේඩින් ස්ටයිල් ෂීට් කියල(CSS).
   CSS වල වැඩකටයුතු ගොඩක් වෙලාවට HTML ඇසුරෙන් තමයි එලියට එන්නෙ. ඒ කියන්නෙ HTML වලින් හදන වෙබ් අඩවි ලස්සන කරන්නෙ  CSS වලින්. ඒ නිසා පොඩි HTML දැනුමක් ඕන වෙනව.. HTML  පාඩම් මාලාව

CSS වල ඉතිහාසය ?

   වෙබ් අලංකාර කිරීමෙ අදහස බෙල්ජියම් ජාතික රොබට් කැලියු කියන පුද්ගලයගෙ. නමුත් ඒ සදහා  ස්ටයිල් ෂීට් ක්‍රමය තෝරගත්තෙ W3C ආයතනයයි.විවිධ ස්ටයිල් ෂීට් ක්‍රම අතුරින්  CSS ක්‍රමය තොර ගත්තෙ නෝර්වීජියානු ජාතික හැකොක් වියුම් ලී විසින්.


හරි , එහෙනම් අපි ඉදරි පාඩම් වලින් කතාකරමු කොහොමද CSS වලින් වෙබ් අඩවියක් ලස්සන කරන්නෙ කියල.

ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon