වින්ට් සර්ෆ් - VINT CERF



අන්තර්ජාලයේ පියා [FATHER OF INTERNET]
වින්ට් සර්ෆ් - VINT CERF

ආයුබොවන් ඔබ සියලු දෙනාටම. අපි හැමෝම, හැම මොහොතෙම අන්තර්ජාලන භාවිත කරනවා. එහෙත් මෙම අන්තර්ජාලය කොහොමද බිහි උණේ, කවුද මේ දේ ඇති කරන්න පුරෝගාමී පුද්ගලයෝ, එම පුද්ගලයන් ගැන ඔබ තොරතුරු නොදන්නවා ඇති. තොරතුරු නොදැන පාවිච්චි කළාට කම් නැත. දැනගෙන පාවිච්චිය වඩා හොදය. Father Of Internet (අන්තර්ජාලයෙහි පියා) ලෙස හදුන්වන්නේ වින්ට් සර්ෆ් - Vint Cerf මහතාය. මොහු 1943 ජූනි මස 23 දින උපත ලැබූවෙකි. එතුමා දැනට වයස අරුදු 68ක් වයසැති පුද්ගලයෙකි. පරිගණක විද්‍යාව පිළිබද දැනුමක් තිබෙන මොහු ඇමරිකාවෙහි පුරවැසිභාවය ලබා සිටී. එයට අමතරව ගූගල් සෙවුම් සන්ත්‍ර සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ලෙස දැනට සේවයෙහි නිරත වී සිටී. 
ඇමරිකාවෙහි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් 1965 දී උපාධිය ලබා ලත්තේය. ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිය ලබාගත්තේය. ඉන් පසු මොහු IBM සමාගමේ ඉංජිනේරුවරයෙකු ලෙස ක්‍රියාකළහ. 1968 දී අපානෙට් (ARPANET) ජාලය සමග සම්බන්ධව වින්ට් සර්ෆ් මහතා ක්‍රියාකළේය. මෙම ආපානෙට් පරිගණක ජාලයේ පරිගණක අතර තොරතුරු හුවමාරුවේදී ගැටලු මතුවූයේ, එහි තාක්ෂණික පිළිවෙතක් හෙවත් ප්‍රොටෝකෝලයක් නොතිබූ නිසාවෙනි.


එවකට ආපානෙට් ජාලයෙහි පර්යේෂකයෙකු වූ බොබ් ඛාන්ගේ සහයෝගය ඇතිව වින්ටි සර්ෆ් මෙවැනි ප්‍රොටෝකෝලයක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. 1973 සැත්තැම්බරයේ ඔවුන් පර්යේෂණ පත්‍රිකාවකින් සිය ප්‍රොටෝකෝලය "A Protocol For Packet Network Intercommunication" ලෙස ඉදිරිපත් කරන ලදි.

ට්‍රාන්ස්මිෂන් කොන්ට්‍රෝල් ප්‍රොටෝකෝල් (TCP - Transmission Control Protocol) ලෙස ඔවුන් හැදින්වූ මේ ප්‍රොටෝකෝලයෙන් කියවුණේ, තොරතුරු පැකට් හෙවත් ඩේටාග්රූම් (Datagram) වශයෙන් හුවමාරු කරනා ආකාරයයි.

මෙම ඩේටාග්රූම් බැසිරෙන්නේ ලියුම් කවරයක බහාලූ ලියිමක් ආකාරයෙනි. ලියුම තැපෑලෙන් යන විට එය කාටවත් විවෘත කර බලන්න බැරිය. ලියුම කඩා එක බලන්නාක් මෙන් ඩේටාග්රූම් ක්‍රමයෙන් යවන තොරතුරු ගොන්නක් විවෘත වන්නේ එළ ඉල්ලා සිටින පරිගණකයේදීය. ඒ කියන්නේ මේ තොරතුරු ගොනුව හෙවත් ඩේටාග්රූම් පරිගණක ජාලයක හුවමාරු වුවත් අතරතුර විවෘත වීමක් නොමැති නිසා වේගයෙන් ජාලයේ අවශ්‍ය තැනට යොමු කිරීමේ හැකියාව ලැබී ඇත.

වින්ට් සර්ෆ් මූලිකත්වයෙන් බොබ් ඛාන් සමග ඉදිරිපත් කළ මෙම ප්‍රොටෝකෝලය නිසා පරිගණක ජාලයක් තවත් ජාල සමූහයක් සමග සම්බන්ධ කල හැකි වූණි. අද අන්තර්ජාලය (Internet) ලෙස හදුන්වන්නේ මෙම පරිගණක ජාලයයි.




මෙම ප්‍රොටෝකෝලය තව තවත් දියුණු කිරීමට වින්ට් සර්ෆ් ඇතුළු පිරිස වෙහෙස මහන්සි වූවේය. ඒ අනුව 1978 දී වින්ටි සර්ෆ් විසින් ටීසීපී (TCP) ප්‍රොටෝකෝලය කොටස් දෙකකට වෙන් කළේය. තොරතුරු නියමිත දිශාවට යොමු කරන පරිගණක හෙවත් රවුටර් සමග වැඩ කළ හැකි සේ ප්‍රොටෝකෝලයේ එක් කොටසක් දියුණු කළේය. අලුතින් බිහිකළ මේ ප්‍රොටෝකෝලය ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් (IP - Internet Protocol) කියා නම් කළේය.

දැන් මේ අලුත් ප්‍රොටෝකෝලයත් සමඟ මුල් ප්‍රොටෝකෝලය එක්ව තවත් අලුත් ප්‍රොටෝකෝලයක් බිහි වුණි. TCP/IP කියා හදුන්වන මේ ප්‍රොටෝකෝලය අනුව අද අන්තර්ජාලය ක්‍රියාත්මක වේ. මේ අනර්ඝ ක්‍රියාවලිය නිසාවෙන් වින්ට් සර්ෆ් අන්තර්ජාලයෙහි පියා ලෙස හදුන්වයි. ඔහුගේ පිහිටින් අද අපි මෙය භාවිත කරයි. නැතිනම් අන්තර්ජාලය අවුල් ජාලාවක් වීමට ඉඩ තිබුණි.

මෙම ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. පුළුවන් නම් Comment එකකුත් දාගෙනම යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon