ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි.


ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි.

අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලිය 
" වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං? " , "අලුත් අප්ඩේට් දාගන්න" , "අපෝ..XXXX ද ? එ්කට YYY හැම වයිරස් එකක්ම අල්ලනවා " 

ඔය වගේ නානා ප්‍රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත් දන්නේ නැතිව ඇති.
මේ වෙද්දී වයිරස් (Malware / Trojan ) මගින් තත්පරයට infected (අසාදනය) වෙන පරිඝනක ගණන 10000 කට වැඩි. 
සමහරු කියනවා " Linux පාවිච්චි කරන නිසා මට නම් අවුලක් නැහැ මචං " කියල. එත් දැන් සුලබ වේගෙන එන්නෙත් IoS , Linux සදහම වයිරස වර්ගයි.

Premium Anti Virus එකක් දාගත්ත Linux දාගත්ත කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
වයිරස් ගාර්ඩ්. දැනට දන්නා වයිරස් සදහා පමණයි.
එහෙනම් එක දවසක් තුල වයිරස් දහස් ගණනක් හැකර් වරු Malware Developers ල මගින් Code කර නිදහස් කරනවා.

මොනවද මේ එවන Malware ජාති ? එක එක නම් වලින් හදුන්වන මේ වයිරස් වර්ග වල අරමුණු වෙනස්. 

ඔබ දන්නවා Team Viewer මෘදෘකාංගය මගින් ඔබට තවත් පරිගණකයක් අනිත් පරිගනකය භාවිතා කරන්නාගේ අනු දැනුම පිට අවශ්‍ය පරිදි හසුරුවන්න පුළුවන්. (Remote Administration) 
ඒ වගේ හැකර් වරු, ඔබගේ කිසිම අනුදැනුමක් නැතිව ඔබේ පරිගණකේ පාලනය අතේ තියාගෙන ඉන්න බව සැකයක් තියෙන්නේ පුලුවන්ද? 

ඒකට උත්තරේ
"නැහැ මගේ වයිරස් ගාර්ඩ් එක දැනට තියෙන හොදම එක "
ලෙස නම් ඔබ නොදන්නා තවත් කරුණක් තියෙනවා ඒ තමයි Cryptography (රහස් ලේඛන කලාව) යන සංකල්පය භාවිතයෙන් Hacker වරු දැනට වයිරස් ගාර්ඩ් මගින් දන්නා වයිරස්ද FUD (Fully Undetectable - හදුනා ගැනීමට නොහැකි) මට්ටමට පත් කරනවා , 

උදා :- "Testing Virus Crypt Code" යන වචනය Crypt කරාම හැදෙන්නේ මේ වගේ අකුරු ගොඩක් "51882d5155adc0438c0e6768f64cae4f" , අපි කාටවත් තේරුම ගන්න බැහැ නේද ? 

ඒ වගේමයි තියෙන ෆයිල් එකිනෙංක Bind කරන්න පුලවන් ක්‍රම දැනට තියෙනව්, 

උදා : වයිරස් + Adobe Photoshop Cs6 වලට

ඒ වගේම ඔබ හිතනවා ඇති කොහොමද එහෙම ඔබව Infected වෙන්නේ මේ වයිරස මගින් ඔබගේ දැනීමක් නැතිව කියල 
ඇත්තෙන්ම හැකර් කෙනෙක්ගේ උවමනාවත් ඔබට නොදනී ඔබව අසාදනය කිරීමටයි මේ සදහා නොයෙකුත් උපක්‍රම ඔවුන් භවිතා කරනවා.
Social Engineering කියන විෂය හැකර් වරු අතර බොහොම ප්‍රකට මාතෘකාවත්. මේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මොවුන් තමාගේ වයිරස (Malware ) බෙදා හරිනා ප්‍රකට ක්‍රම ගැන ඊ-පොත් පවා ලියවෙනවා.

මේ හැකර්ස් ල භාවිතා කරන ක්‍රම 2 ක් ප්‍රධානව තියෙනවා. Client Side Hacking සහ Server Side Hacking 
කියන දේ, මම මේ විස්තර කරන්න යන්නේ Client Side Hacking වලින් ඔබේ පරිගනකය අසාධනය විය හැකි ආකාර කීපයක් ගැනයි.

අපේ ගොඩක් අයට තියෙන උනක්නේ Facebook Hacking, ඉතින් සමහරු කීවට 80% විතර මේකටත් සොෆ්ට්වෙයා එකක් තමයි හොයන්නේ මම බොහෝ දෙනෙකුට කියල තියෙනවා ඔය උණෙන් පෙලෙන මේකට සොෆ්ට්වෙයා ජාති නැහැ කියල.

අනික Software වල Crack එහෙමත් නැත්තම් KeyGen , Game වල PizzeDox වගේ දේවල් , 

මොනවද මේ ක්‍රම : 

Torrent අඩවි + File Uploading අඩවි


හැමෝම දන්නවා වගේම ප්‍රසිද්දම බාගත කරන ජාලයනේ ටොරෙන්ට් කියන්නේ. ඒ වගේම ටොරෙන්ට් කියන්නේ ප්‍රසිද්ද තනහම් රහසක් වගේ දෙයක්.
මේ ටොරෙට්‌ ෆයිල් අපි හොයන්නේ මේ වගේ උවමනා වලටනේ.
අලුත් ෆිල්ම්, අලුත් සොෆ්ට්වෙයා වල ක්‍රැක්, මුදල් ගෙවා ගන්න ඕනේ ඒවා නොමිලේ බාගන්න.

ඉහත කීවා වගේ හැකර් වරුන්ගේ ප්‍රියතම අඩවි තමයි මේ ටොරෙන්ට් සයිට්. මොකද සාමාන්යෙන් සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් කරන්නෙත්. හැකර් වරුමනේ. ඉතින් මෙයාලා කරන්නේ තමාගේ වයිරසය ඒ වගේ දේකට, ගේම් cheat Box එකකට, ඒ වගේ ඕනෙම දෙකට, අලුතෙන් ආව ෆිල්ම් එකකට Bind , Attach කරලා ටොරෙන්ට් ජාලෙට මුදා හරිනවා. 
ලෝකේ පුරා දහස ගණනක් තත්පරයකි Infect වෙන එක ක්‍රමයකුයි ඔය.

Youtube



යු ටියුබ් එකත් මේ වගේම ප්‍රසිද්දයි. දැකල ඇති එක එක හැකිං සොෆ්ට්වෙයා කියල දාල, එහෙමත් නැත්තම් එක එක ගේම් වලට කියල, Pool Liver Hack, Barn Buddy Free Coin Generator, වගේ දාල එක එක වීඩියෝ දාල තියෙනවා ඒ යටින්ම බාගත කරන ලින්ක් එකකුත් එක්කම. එකේදී වෙන්නෙත් ඔබේ පරිඝනකේ අසාදනය වෙන එක තමයි.


Social Network

Facebook , Twitter වැනි සමාජ ශාලා වෙබ් අඩවි විශේෂයි. වර්තමානයේ මම සමාජ ශාලා අඩවි ගොරුදු ස්ථාන වෙලා තියෙනවා.
දැකල ඇති චැට් එකේ හිටිගමන් ඒක ඒක ලින්ක් වර්ග එනවා. ඒක එවන කෙනාවත් එව්වා බවක් දන්නේ නැහැ.
අලුත් Emoticons වර්ග ඉන්ස්ටෝල් කරගන්න හෝ නව උපාංගයක් නොමිලේ ගන්න වගේ.
මේ වගේ නොයෙකුත් උපක්‍රම යොදාගන්නවා , 

අද මට කෙනෙක් එවපු ලින්ක් එකකක් තියෙනනවා ෆේස්බුක් පේජ් එකක. මෙන්න මේ වීඩියෝ එක වගේ පින්තුරේ ප්ලේ වෙනවා. ඒක ප්ලේ වෙන්න Flash Player ඒක ඕනේ කියල Download වෙන්න Application එකක් දෙනවා , 


Chrome වල වගේ නම් මේක Auto Download වෙනවා , මම ඒ නිසාම යෝජනා කරනවා FireFox Web Browser ඒක භාවිතා කරන්න කියල , ආරක්ෂාව අතින් සලකද්දී , 

Porn (වැඩිහිටියන්ට පමණයි දර්ශන ඇතුලත් වීඩියෝ , පින්තුර , කතා )




එක එක අඩවි තියෙනවනේ. (නොදන්න විදියක් නැහැනේ :p). Hackers ලා කරන්නේ මේ වගේ අඩවි වලට සිත ඇදගන මාතෘකාවක් එක්ක වීඩියෝ එකක්, පින්තුරයක්, එහෙමත් නැත්තම් E-Book වගේ අප්ලෝඩ් කරනවා. අර වීඩියෝ එක, පින්තුරය, E-book එක ඩවුන්ලෝඩ් කරන පුද්ගලයට තිබ්බ අමාරුව වගේ නෙමෙයි පස්සේ තමාව හැක් වෙලා තියන්නේ කියල දැනගත්තම ඇති වෙන්නේ.

Public Chat Room


ලෝකේ පුරා ප්‍රචලිත දෙයක් තමයි පබ්ලික් චැට් රුම්, IRC (Instant Relay Chat )චැනල්, වගේ ඒවා.
හැකර් වරු භාවිතා කරනවා Worm Server Side Scripts මේ එයාලගේ Malicious Links Spread (අනතුරුදායක ලින්ක් පතුරවන්න ) මේ public chat room හරහා. චැට් එකේ ඉන්න ඕනෙම කෙනෙක් 
මේ ලින්ක් එකක් ක්ලික් කරන්න තියෙන සම්බවිතව ඉතාමත් වැඩි.

මේ වගේ කුඩා වයිරස ඔබේ පරිඝන්කේ ලැගුම් ගත්තොත්. බොහෝ දේ ඔබට එය එවූ පුද්ගලයා අතට පත වෙන්න පුළුවන්.
උදා :- ඕනේ Web Browser වල ගබඩා කරලා තියෙන Password, Username, Emails, Cookies, ඊළගට ඔබේ අඩවි වල FTP Loggings, ඔබ විසින් KeyBoard එකේ ඔබන හැම Key Stroke එකක්ම
සහ ඔබට සිතා ගත හැකි ඕනෙම දෙයක් කරන්න පුළුවන්.

මේ ලින්ක් ක්ලික් වලින් මොනවද වෙන්නේ ? මේ ගැන පසුවට කතා කරමු , තව දුරට යන්න වෙන නිසා , 
වැදගත් පොස්ටුවක් උනා කියල හිතෙනවා , 

කොමෙන්ටුවකින් හරි තව උවමනා දෙයක් හරි දන්නා දෙයක් හරි බෙදා ගන්නව නම් වටිනවා ;) ,
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon