පාස්වර්ඩ් අමතක වෙනවද....


පාස්වර්ඩ් අමතක වෙනවද?
මෙන්න නොමිලයේ බේතක්....

පාස්වර්ඩ් අමතක වෙනවද ..... ඔව්, ඕක තමයි හැමෝම දෙන සරල උත්තරය ..... මොකද අපි දැන් ගොඩක් කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් වලට Log වෙන්න Username හා Password  භාවිතා කරනවා.
ඉතින් මට ඔය එක පාස්වර්ඩ් එකක් අමතක වෙලා FB ගිණුමට ඇතුළුවෙන්න බැරිව විදපු කරදරය හේතුවක් වුණා මේ පෝස්ට් එක ලියන්න. අමතක වීමට දෙන්න පුළුවන් පොඩි බේතක් මට අන්තර්ජාලයෙන්ම නොමිලයේ හම්බවුනා... බලන්න ඔයලට මේ බේත හරියනවද කියල ..

හරි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම මේකට අවශ්‍ය වෙන නොමිලයේ දෙන සොෆ්ට්වෙයා එකක් තියෙඅනවා.
KeePass කියල අන්න එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනෑ.


මෙතන තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලැපෙන පරිදි KeePass කාණ්ඩය තෝරා ගන්න . මෙතැනදී මගේ අවශ්‍යතාවයන්ට KeePass 2.16 තමා ඩවුන්ලෝඩ් කරන්න වුනේ.... හරි දැන් KeePass setup.exe එ්ක Install  කරගන්න . මෙතැනදී microsoft net framework නැතිනම් ඩවුන්ලෝඩ් කරලා Install කරගන්න කියනවා.. තියෙනවනම් වැඩේ ගොඩ . හරි දැන් මුලික Install වීම ඉවරයි.
මුලින්ම KeePass 2.16 සොෆ්ට්වෙයා එකට ගැලැපෙන Password Database එකක් හදන්න ඕනෑ...
ඒ සදහා  ඕපන් මෙනූ එකේදී එන file තෝරාගෙන New තෝරාගන්න.... පහත රුපය පරිදි.


ඊට පසුව පාස්වර්ඩ් ඩේටබේස් එකේ නම සහ ඩේටබේස් එක සැදිය යුතු තැන ඉල්ලයි.. ඒවා තමන්ට අවශ්‍ය පරිදි දෙන්න.. රුපයේ පරිදි.


පසුව මෙම පාස්වර්ඩ් ඩේටබේස් එකට අන් අයට ඇතුළු වීමට වලකන Master Password එක සැදීමට අවස්ථාව ලබාදෙනවා
.............................................................................................
පහත රුපය බලන්න ..

මෙතනට දෙන Master Password එක නම් මතක තියාගන්න වෙනවා .. යූසර්නේම් හා පාස්වර්ඩ් ගොඩක් මතකතියා ගන්නවට වඩා ..එක යූසර්නේම් හා පාස්වර්ඩ් එකක් මතක තියාගන්න අමාරුවක් නැහැනේ. මෙහිදී රුපයේ පරිදි Master Password යන්න Select කර අවශ්‍ය පාස්වර්ඩ් එක ඇතුළුකර ok මත ක්ලික් කරන්න... දැන් KeePass මගින් පාස්වර්ඩ් ඩේටබේස් එකක් සාදා අවසානයි ..


මේ තියෙන්නේ මම දුන්නු නමට ඩෙස්ක්ටොප් හදාගත්ත පාස්වර්ඩ් ඩේටබේස් එක මෙහි extension එක kdbx කියල තමයි දෙන්නේ............ දැන් මේ ඩේටබේස් එක ඇතුලට අපේ තියෙන යූසර්නේම් හා පාස්වර්ඩ් ටික එකතුකරන්න ඕනෑ.. මේක ඇතුලට දාල තමයි අපි 
යූසර්නේම් හා පාස්වර්ඩ් ටික තියන්න හදන්නේ.. හරි දැන් මේ පාස්වර්ඩ් ඩේටබේස් එක මත ඩබල් කිල්ක් කරන්න.
දැන් නැවතත් පහත රුපයේ පරිදි Master Password ලබාදී ok මත ක්ලික් කරන්න..


දැන් යූසර්නේම් හා පාස්වර්ඩ් ඇතුලත් කිරීමේ අවස්ථාවට ලගාවේ පහත රුපයේ පරිදි .... එයින් Add Entry මත ක්ලික් කරන්න.


එවිට යූසර්නේම් හා පාස්වර්ඩ් ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදෙනවා.
පහත රුපය පරිදි ...


මෙතැනදී තමන්ගේ යූසර්නේම් එක හා පාස්වර්ඩ් එක එකතු කර ok මත ක්ලික් කරන්න.. මේවගේ ඔබගේ තිබෙන සියලුම යූසර්නේම් හා පාස්වර්ඩ් එකතු කර.. අවසානයේ සේව් කරගන්න. 
හරි දැන් KeePass වලින් සාදන ලද පාස්වර්ඩ් ඩේටබේස් එකට යූසර්නේම් එක හා පාස්වර්ඩ් ටික එකතු කර ඉවරයි .. දැන් අපි බලමු අපි අවශ්‍ය පාස්වර්ඩ් තෝරාගන්නේ කොහොමද කියල .....
මුලින්ම Master Password එක ඇතුලත් කරලා පාස්වර්ඩ් ඩේටබේස් එකට ඇතුළු වන්න.. පහත රුපය පරිදි ..


උදාහරණයක් විදිහට - ඊමේල් වල ඇති gmail වල පාස්වර්ඩ් එක ගැනීමට අවශ්‍ය නම් රුපයේ පරිදි අවශ්‍ය ගිණුම සිලෙක් කර ටුල් බාර් එකේ ඇති කොපි ටු ක්ලිප්බෝර්ඩ් මගින් කොපිකරගෙන අවශ්‍ය තැනට පේස්ට් කරන්න.. පුළුවනි... මම හිතනවා ඔයාලට යූසර්නේම් හා පාස්වර්ඩ් අමතක වීමට බෙහෙත් ලැබුන කියල..... මේගැන ඔයාලගේ අදහස්‌ මට කිව්වොත් එය මට ගොඩක් ශක්තියක් වෙයි..

මෙච්චර වෙලා කියෙව්ව එකේ Comment එකකුත් දාගෙනම යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon