CSS සිංහලෙන් 04


ලිපි පෙලේ හතරවන ලිපිය දාන්න පමාද උනාට සමාවෙන්න කියල මුලින්ම කියනව ....
අපි කථා කලානෙ font ගැන. දැන් බලමු color සහ background ගැන.
මෙහෙමයි, CSS වලදි වර්ණ ක්‍රම කිපයකට භාවිතාකරන්න පුළුවන්.
01 . වර්ණ වල නම භාවිතා කිරීම.
02 . එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
03 . විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම.
හරි. බලමු දැන් පිළිවෙලට එකින් එක,

වර්ණ වල නම භාවිතා කිරීම
            මෙන්න මේ කෝඩ් 1 බලන්නකො. ඔයාලටම  තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල
 h1 {color:red; }
මේ කෝඩ් එකෙන් අපි HTML වල යොදන h1 ටැග් එකට අදාල font color එකේ වර්ණය වෙනස් වෙනව.‍මෙන්න මේ වගේ.

html code

එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
මේහිදී සෑමවර්ණයක් සදහාම වන 16 පාදයේ අගයක් තියනව.මේ බලන්න කොඩ් 1,
h1{ color: #FF7F50;}
අදාල වර්ණය තමයි මේ,




විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම
මේකෙදි කරන්නෙ එක් එක් වර්ණයට අදාල RGB අගයන් ලබාදෙන එක.
h1{ color: rgb(123,234,54);}



හරි දැන් බලමු කොහොමද සම්පූර්ණ පිටුවක් වර්ණ කරන හැටි. මෙන්න මේ කොඩ් 1 බලන්නකො,


Body කියන එකෙන් HTML වල body ටැග් 1ට වර්ණය අයිති වෙනව. ඒ කියන්නෙ මුළු page එකටම.දෙවන එකෙන් h1 ටැග් 1ට අ‍දාල කොටසේ වර්ණය වෙනස් වෙනව. මෙන්න මේ වගේ. 


තේරෙනව නේද ... පහත මම දාල තියනව එක් එක් වර්ණ ගැන...
එහෙනම් අයෙමත් අපි හමුවෙමු.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon