PC එකක තිබිය යුතු අනිවාර්ය මෘදුකාංග 5ක් මෙන්න...

PC එකක තිබිය යුතු අනිවාර්ය මෘදුකාංග 5ක් මෙන්න...


එපා වෙලා ඉන්නෙ බං. මොකද මොනිටර් එක තනි රතු වෙලා. ක්ලික් කරන එක නෙවෙයි ක්ලික් වෙන්නෙ. නත්තලට කලින් පඩි හම්බ උනොත් හොදයි. අළුත් එකක්ම ගන්න පුළුවන්. (යකෝ මගෙ පඩි නෙවෙයි. තාත්තගෙ පඩිය බං..) හරි ඉතින් තාම තාත්තගෙ පඩියෙන් දුවන අහින්සකයෙක් තමයි බං...

එහෙනම් දැන් වැඩෝට බහිමු. මේ කියන්න යන්නෙ අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හොදම සොෆ්ට්වෙයාර් 5ක් ගැනයි කියන්න යන්නෙ. මේ මෘදුකාංග එකක්, දෙකක් හෝ කීපයක් දැනටමත් භාවිත කරනවා ඇති. ඒත් මේවා ගැන නොදන්න අය ඉන්නවා. (අර හැමවෙලේම කියන්නෙ මචං මගෙ PC එක Slow වෙලා, මචං වයිරස් ඇවිල්ලා කියන උන් තමයි.)

මම කියන්න යන්නෙ නම් 5යි. සමහර විට මතක් උනොත් ඊට වැඩි වෙන්න පුළුවන් වෙයි ඈ... හරි එහෙනම් බලමු මොනවද මේ සොෆ්ට්වෙයාර් කියලා. සොෆ්ට්වෙයාර් එකත් එක්ක පොඩි විස්තරයකුත් දාන්නම් ඈ...

1. EASEUS Partition Master


මේක ගැනනම් දන්නවා ඇති. දන්නෙ නැත්තම් කියලා දෙන්නම්. අපි PC එක ෆෝමැට් කරද්දි පාර්ටිෂන් වලට වෙන්කරනවනෙ. අර C, D, E කියලා හාර්ඩ් එක කඩන්නෙ අන්න ඒක තමයි. අපි ෆෝමැට් කරද්දි එහෙම වෙන් කලාට ඊට පස්සෙ කරන්න බෑ කියලා නේද හිතුවෙ. නෑ කරන්න පුළුවන්. මේ ටූල් එකෙන් කරන්නෙ ඒක තමයි.
(අවවාදයයි - නිවැරදි අවබෝධයෙන් තොරව භාවිත නොකරන්න.)

මේකෙන් C එකට හානි උනොත් ඉවරයි ඈ.‍.. ඒ නිසා ප්‍රවේසමෙන් යූස් කරහල්ලා. මේකෙ ගයිඩ් එක මෙතනින් ගිහින් කියවන්න පුළුවන්.


2. PC Decrapifier


මේකෙන් කරන්නෙ අපේ PC එකේ තියන කුණු ඒ වගේම ජන්ක් ෆයිල් ඉවත් කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් පරිගණකය පිරිසිදු කරගන්න පුළුවන්.


3. Macrium Reflect or Windows Backup and Restore


මේක නම් ගොඩක් වැදගත්. මේකෙන් කරන්නෙ අපේ පරිගණකයේ බැකප් එකක් ගන්න එකයි. ඒ කියන්නෙ අපේ පරිගණකය දැන් තියන විදිහට බැකප් එකක් ගත්තම අපේ පරිගණකයේ මොකක් හරි අවුලක් ගියොත් ආපහු අපි ගත්ත බැකපු එකෙන් ආපහු ඒක හදාගන්න පුළුවන්. මේකට නම් එච්චර දැනුමක් ඕනෙ වෙන්නෙ නෑ.

DOWNLOAD here

4. Ninite


මෙන්න තියනවා All in One සොෆ්ට්වෙයාර් එකක්. මෙකට සයින් අප් වෙන්න ඕනෙ නෑ. හැබැයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නම් ඕනෙ වෙනවා ඈ... අපිට ඕනෙ කරන හැම සොෆ්ට්වෙයා එකක්ම වගේ තියනවා. (ඒ කිව්වෙ ගොඩක්ම ඕනෙ වෙන ඒවා ඈ...)


5. Revo Uninstaller


මේක නම් ගොඩක් වැදගත් දෙයක්. අපි වින්ඩෝස් සොෆ්ට්වෙයාර් දාලා තියනවා නම් සමහර වෙලාවට ඒවා අන්-ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඒත් ඉතින් වින්ඩෝස් සොෆ්ට්වෙයාර් ඔක්කොම එකපාර අන්-ඉන්ස්ටෝල් කරන්න බෑ. ඒ නිසා මේක යූස් කරන්න පුළුවන්. හොද මැෂින් එකක නම් 15ත් 20ත් අකර ප්‍රමාණයක් එකපාර දාන්න පුළුවන්.

DOWNLOAD here

හරි එහෙනම් ඔන්න ටූල්ස් 5ම දැම්මා. අපිට කරන උදව්වක් විදිවට මේ ඇඩ් එක ක්ලික් කරන්න. තව සොෆ්ට්වෙයාර් තියනවාත ඒවත් දාන්නම් පස්සෙ...

තේරෙන සිංහලෙන් හැකින් ඉගෙන ගන්න කැමති නම් අපේ ෆෝරම් එකට එන්න...
www.yakadaya.com

අළුත් වැඩකින් ආපහු හම්බ වෙමු ‍එහෙනම්. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. (Keep in touch with US, Respect learning point)
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
CINESUBZ
admin
December 11, 2015 at 11:49 PM ×

thank you! monitor eke green ha blue nathiwela thiyenne.oka godak welawata wenne monitor eke vga in port eke eeyam dry wunama. monitor eke galawala vga port eketa aith eeyam thiyanna godak welawata hariyanawa. mage lcd eketath me langadi wuna oya wade kal;ama hari.good night!

Reply
avatar
Mr Elite_x
admin
December 12, 2015 at 10:10 PM ×

දන්නැද්ද මචද පොඩි ආතල් එකක් ගන්න ගියා. මොනිටර් එක CRT නිසා ගොඩක් අවුල්. දැන්නම් එච්චරම ගානක් නෑ. මම ලොකු වැඩක් කරන්න ගිහින් VGA ට ගහන්න තියන පින් එක ලග තියන කොල පාට වයර් එකක් ගලවලා අතට ගත්තා. ඊට පස්සෙ ඉතින් හයිකරන්න දන්න එකක්යැ... ඔන්න ඔහෙ ඉන්නවා බං.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon