Laptop එකක් ගන්න කලින් මේ ගැනත් බලන්න...

Laptop එකක් ගන්න කලින් මේ ගැනත් බලන්න...


ඔන්න තව අළුත් දෙයක් අරගෙන ආවා. මේ කියන්න හදන්නෙ ලැප් ගන්න කලින් බලන්න ඕනෙ කරන දේවල් ටිකක් ගැන.. අපි හැමෝම දැන් ට්‍රයි එකක් දෙන්නෙ ලැප් එකක් එහෙම ගන්නනෙ. ගන්න කලින් මේ ගැන බැලුවෙ නැත්තම් සොරිම තමයි. සමහර බ්‍රෑන්ඩ් තියනවා අපි අහලාවත් නැති ඒවා. ඒ නිසා ඔරිජිනල් එකක්ම ගන්න ඕනෙ නම් මේක කියවන්න... එහෙනම් මම කියන්නම් කරන්න ඕනෙ මොනවද කියලා.


අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.

මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියලා. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.

ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.

මෙතනින් බාගන්න : Download
ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test) ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ.

එහෙනම් ඉතින් තව අළුත් වැඩක් අරගෙන එනකම් යන්නම්...

මේ දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි අපිට ඩොමේන් එකක් ගන්න. කරදරයක් වෙන විදිහට නම් ඇඩ් දාලා නෑ...

අළුතෙන් පටන් ගත්ත ගොසිප් බ්ලොග් එකට මෙතනින් ගිහින් බලන්න.

අපිත් එක්ක එකතු වෙලා හැකින් ඉගෙන ගන්න කැමති නම් පහල ලින්ක් එකෙන් එන්න... ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් තමයි කියලා දෙන්නෙ...

www.යකඩයා.com

රෙජිස්ටර් වෙද්දි මොකක් හරි අවුලක් තිබුනොත් මගේ බ්ලොග් එකේ ඕනම පෝස්ට් එකකට කමෙන්ට් කරන්න...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon