Java - ජාවා

Java - ජාවා

මේක Java ගැන නොදන්න අයට ඒක ගැන දැනගන්න ගෙනාපු post එකක්. 


මුලින්ම අපි බලමු Java කියන්නෙ මොකක්ද කියලා. 
මුලින්ම කියනවා නම් Java කියන්නේ 3 වෙනි පරම්පරාවේ Programming Language එකක්. ඒ යන්නෙ මේක High Level Programming Language එකක්. මේ 3 වන පරම්පරාවේ පරිගනක භාෂා වල තියන ප්‍රධානම ලක්ෂනය තමයි ඒවා Programmer කෙනෙක් නොවන කෙනෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම අපේ ගොඩක් වැඩ කරගන්නත් මේක උදවු වෙනවා. Java මුලින්ම වේ 1995 sun microsystems වලින් (දැන්නම් ඉතින් මේක ORACLE).
Java අපිට ආවේ jamess Gosling, Patric Nughton, Mike Sheridan මේ තුන්දෙනා පටන්ගත්ත "Oak" කියන Project එකේ ප්‍රතිඵලයක් විදිහට. මහරු දන්නවත් ඇති SmallTalk කියලා language එකක් ගැන. දන්නෙ නැත්තන් නගන්නකෝ. මේක තමයි පලවෙනි Object Oriented language එක. හරි එහෙම උනාට OO (Object Oriented) language එකක් විදිහට වැඩියෙන්ම ජනප්‍රිය උනේ Java.

Java ලක්ශණ - (Java Characteristics)

  1. මේක ඕන කෙනෙක්ට භාවිත කරන්න පුළුවන්.(ඒ කියන්නේ හරිම සරලයි)
  2. ඕනෑම OS (Operating System) Run කරන්න පුළුවන්. (හැබැයි Java Portable තියෙන්න ඕන.) JVM java virtual machine.
  3. අපි කරන Programme වලදී අපේ Ram එක ගැන වැඩිය වද වෙන්න ඕන නෑ. ඒක Java අපිට සපයලා දෙනවා.
  4. Multi Threaded (මේකෙන් කියන්නේ අපිට එක Programme එකක් ඇතුලේ තව Programme රාශියක් Run කරන්න පුළුවන්. Eg - සාමාන්‍ය Player එකක් ගත්තොත් අපි video එකක් බලනකොට Seek Bar එකත් වැඩ, Sound එකත් වැඩ, Time එකත් පෙන්නනවා. මෙහෙම වැඩ ගොඩක් මේකෙදි වෙනවා. මේවට තමයි Thread කියන්නේ.)
  5. Robust
  6. Secure (ආරක්ෂාකාරී වැඩියි)
  7. මේක Free දෙන Software 1ක්.


Java නැත්තම් මෙතනින් බා‍ගන්න.
ජාවා platform එක component කීපයක එකතුවකින් හැදුනු එකක්.

  1. Java SE – ගොඩක් වෙලාවට මේක use කරන්නේ Desktop application හදන්න
  2. Java EE – මේක තමයි අදටත් Enterprise Application හදන්න ලෝකේ වැඩියෙන්ම  පාවිච්චි කරන platform එක
  3. Java ME – මේක තමයි ජාවා වලින් mobile application හදන්න යොදාගන්න platform එක. හැබැයි දැන් ගොඩක් දුරට මේක පාවිච්චි කරන කට්ටිය අඩු වෙලා.
  4. Java FX – මේක තමයි දැන් Oracle සමාගම ගොඩක්ම ජනප්‍රිය කරන්න හදන ජාවා Rich Client Application platform එක.
අද වෙද්දි ගොඩක් ජනප්‍රිය Android Application Develop කරන්නත් ගොඩක් දෙනෙක් භාවිත කරන්නෙත් Java. ඒ නිසා කලින් කියපු component වලට අකමැති උනත් Android වලට පොඩි වැඩ කෑල්ලක් දා ගන්න මේක උදවු වෙනවා. මොන මොන Programming Language ආවත් තාමත් වැඩි දෙනෙක් භාවිත කරන්නේ Java.


ලියුවේ - තිවංග සදරුවන් දසනායක(ƒĹÄŜĤ)

Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon