SQL සිංහලෙන් - පලමු පියවර

SQL එහෙමත් නැත්නම් Structured Query Language කියන්නෙ ඩේටාබේස් වලදි දත්ත හසුරුවන්න භාවිතා කරන විශේෂ භාෂාවක්. ඒ වගේම SQL සම්මතයක් බවට පත්වෙලයි තියෙන්නෙ. MySQL, SQL server, Oracle, Access කියන්නෙ මේ සම්මතය අනුගමනය කරන දත්ත කලමණාකරන පද්ධති (Database Management System - DBMS) කිහිපයක්.

SQL  සම්මතයක් වන නිසාම එය අනුගමනය කරන DBMS වල SELECT, UPDATE, DELETE, INSERT, WHERE වැනි විධාන වල සමානත්වයක් තියෙනව. කෙසේවෙතත් ඒ ඒ DBMS වලට අනන්‍යවූ විධානයන්ද දකින්න පුළුවන්.

MySQL කියන්නෙ SQL සම්මතය අනූව යන DBMS වලින් වඩාත්ම ජනප්‍රියම සහ බහුලවම භාවිතාවෙ පද්ධතිය. ඒකට එක හේතුවක් තමයි MySQL නිදහස් හා විවෘත්ත (Free and Open Source) ගණයට අයත්වීම.
ඒ නිසා අපි  අපේ පාඩම MySQL වලින් කරගෙන යමු.

මුදිතගෙ PHP පාඩම් වලට සම්බන්ධ වෙනව නම් මේ වෙද්දි wamp දාගෙන ඇති. වින්ඩෝස් පාවිච්චි කරන කෙනෙක් නම් මෙතනින් wamp දාගන්න විදිය කියලදෙන ඒ ලිපිය බලන්න. wamp එක්ක MySQL තියන නිසා කරදරයක් නෑ.

ලිනක්ස් පාවිච්චි කරන අයව අමතක කරල බෑ නෙ. ටර්මිනල් එක අරගෙන උබුන්ටු නම්
sudo apt-get install mysql-server
ෆෙඩෝරා නම්
yum install mysql-server
දැන් කොහොමද  MySQL රන් කරන්නෙ. wamp පාවිචිකරනව නම් පහත රූපයේ විදියට wamp අයිකනය ක්ලික් කරල එන මෙනුවෙන්  MySQL >> MySQL console තෝරන්න.

ලිනක්ස් නම් ටර්මිනල් එතට ගිහින් මේ කමාන්ඩ් එක රන් කරන්න.
mysql -uroot -proot
වැඩේ හරි නම් මේ විදියට MySQL console එක දැකගන්න පුළුවන්.
 

මේ විදියට MySQL දාගත්තනම් දැන් වැඩේ පටන්ගන්න පුළුවන්. MySQL දාගන්න විදිය බොහොම කෙටියෙන් කිව්වෙ. කරගෙන යද්දි ගැටළු ආවොත් කමෙන්ට් එකකින් හරි facebook group එකෙන් අහන්නකො.

සරල විධාන කීපයක් කරල බලමු. දැනට තියන ඩේටාබේස් මොනවද කියල බලාගන්න
show databases;
මෙම විධානය ක්‍රියාත්මක කලවිට පහත පරිදි දැනට තියන ඩේටාබේස් ලිස්ට් එකක් බලාගන්න පුළුවන්.

 මීලඟට  විධානය ක්‍රියාත්මක කලයුතු ඩේටාබේස් එක තොරාගතයුතුයි. ඒ සඳහා යොදාගන්නේ use විධානයයි. උදාහරණයක් ලෙස අපට information_schema ඩේටාබේස් එක තොරාගතයුතු නම්
 use information_schema;
 information_schema ඩේටාබේස් එක තුල ඇති tables බලාගතයුතු නම්
show tables;
 මෙවිට  information_schema ඩේටාබේස් එක තුල ඇති tables ලිස්ට් එක්ක දැකගත හැක.  information_schema ඩේටාබේස් එක තුල ඇති character_sets නැමති table එකෙහි ඇති සියළුම දත්ත ලබාගැනීමට
select * from character_sets;

මෙම සරල විධාන කිහිපය අත්හදා බලන්නග. මීලඟ ලිපි වලින් වැඩිදුර විස්තර කතාකරමු
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon