Visual Basic.net 2010 පාඩම 6 - Naming Objects



           අපි පසුගිය පාඩමේදී කතා කලානේ VB වල Objects ගැන. ඉතින් මේ අපි හදාගන්න Objects හැදුවට පස්සේ අදුනගන්න විදිහක් තියෙන්න ඕනනේ.ඒකට තමයි අපි ඒවා නාමකරනය කරන්නේ හරියට අපි හැමෝටම නමක් තියෙනවා වගේ ඒ වගේම ගොඩක් වෙලාවට අපිට නමින් යම් පුද්ගලයකුගේ උපන් රට ගැන යම් අඳහක් ගන්න පුළුවන්, ඒ ගේම අපි හඳන  Objects වලට දෙන නමින් ඒ ඒ  Object එක අයත් වන  Object type එක හඳුනාගත හැකි විය යුතුයි. ඒක නිසා අපි  Object එකක් හදපු ගමන් කරන්න ඕන ඒකේ Name property එක සකස් කරන එකයි. මම හිතන්නේ දැන් ඔයාලට Name property එකේ වැදගත් කම වැටහෙන්න ඇති.

           දැන් ඔයාල අපි 4 වෙනි පාඩමේදී සාදාගත් "MyFirstApplication" project එක open කර ගන්නකෝ. දැන් ඒක තියෙන එකම එක form එක click කරල properties window (එහෙම එකක් පේන්න නැත්නම් F4 වලින් open කරගන්න) එකේ තියෙන Name property එක හොයාගෙන ඒක බලන්නකෝ. "Form 1" කියල නේද තියෙන්නේ. අපි Project එකට නමක් දුන්නට (අපි project එකක් හැදුවම ඉබේම Visual Studio එකෙන් අපිට form එකකුත් හදලා දෙනවා) එකේ form එකට නමක් දුන්නේ නෑනේ ඒකයි ඒකෙ නම විදිහට "Form 1" කියල Visual Studio එකෙන් නම් කරල තියෙන්නේ!. මෙසේ දෙන නම Object type එකෙන් type එකට වෙනස් වෙනවා. 

             

            සාමාන්‍යයෙන් properties window එකේ properties පෙන්වන්නේ කාණ්ඩ වශයෙනුයි, හොඩියේ පිළිවෙලට නෙමෙයි. (ඔයාල පස්සේ ඒක වෙනස් කරල නැත්තම්) ඉතින් අපිට පුළුවන් මේක හොඩියේ පිළිවෙලට සකස් කරන්න properties grid එකට උඩින් තියෙන Alphabetical button එක click කරල.


               මම හිතන විදිහට නම් properties window එකේ properties ටික හොඩියේ පිළිවෙලට තියා ගන්න එක ලේසියි. මොකද අපි ගොඩක් වෙලාවට property එකක් හොයන්නේ එකේ නමින් නිසා. ඒ වගේම "Name" property එක ඉහල කොටසට ඇවිත් නේද? හරි විදිහට නම් ඒක තියෙන්න ඕන "N" අකුරට අයත් කොටසෙයි. නමුත් ඒ property එක ඉහළින් තියා ගන්න ඕන නිසයි වරහන් දෙකක් ඇතුලේ දාල තියෙන්නේ.   මොකද හොඩියේ පිළිවෙලට සකස් කරන කොට සංඛෙත අකුරු වලට වඩා ඉහළට එන නිසා.

                 ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ලැබුන නම සාර්ථක එකක් නෙමෙයි. ඒක නිසා අපි ඒක ගැලපෙන ලෙස සකස් කල යුතුයි. මේ නම සකස් කරන විට අපි මේ හදන form එක විස්තර වෙන නමක් දුන්නොත් අපිට ඒක හඳුන ගන්න පහසුයි නේද?. දැන් අපි බලමු කොහොමද ඒ තියෙන නම වෙනස් කරන්නේ කියල,

  • දැන් ඔයාල Name property එක click කරල "Form1" කියල තියෙන ඒකේ නම "ViewerForm" කියල වෙනස් කරන්න. නමුත් මෙකෙන් form එකේ file name එක වෙනස් වෙන්නේ නෑ. form එකේ file name එක අපිට Solution Explorer එකෙන් බලා ගන්න පුළුවන්.

      
        
     
    
  • ඒක වෙනස් කරන්න Solution Explorer එකේ "Form1.vb" කියන අපේ form එකේ ‍file එක උඩ right-click කරල rename තෝරන්න.
  • දැන් "Form1.vb" එක "ViewerForm.vb" කියල වෙනස් කරන්න.

              මම මෙතනදී නම Form කියන කොටස එකතු කරල තියෙන්නේ මෙය Form කියන Object type එකට අයත් බව පෙන්වන්නයි. ඒක අත්‍යාවශ්‍ය නෑ නමුත් තියෙනවා නම් හොදයි කියල හිතෙනව. තව දෙයක් අපි file name එක මුළින් වෙනස් කලා නම් ඒ සමගම form එකේ name property එකත් ඊට අදාලව වෙනස් වෙනව. properties window එකෙන් වෙනස් කරන හැටි පෙන්වන්නයි මම මේ විදිහට කලේ. අපි ඊලග පාඩමේදී form එකේ Text property එක ගැන කතා කරමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

                  
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon