ගොඩක් කාලෙකින් තමයි අපි අද HTML පාඩමකින් හමුවෙන්නේ, අද පාඩමෙන් අපි HTML වලදී පින්තූර භාවිතා කරන්නේ කොහොමද කියල බලමු. මේ සඳහා අපිට උදව් වෙන්නේ <img> කියන HTML tag එක තමයි. මේ tag එකේ අපිට ඉතාමත්ම වැදගත් වෙන attributes දෙකක් තියෙනව. ඒ "src" හා "alt" attributes දෙකයි. මෙයින් "src" attribute එක අපි භාවිතා කරන්නේ ආපේ image file එකේ path එක ලබා දෙන්නයි. අපි භාවිතා කරන image එක තියෙන්නේ HTML file එක තිබෙන folder එක තුලමනම්, image file එකේ නම extension එක සමගින් ලබා දීම ප්රමාණත්. එතකොට "alt" attribute එක ඕන වෙන්නේ alternate text එකක් ලබා දෙන්නයි. යම් කිසි හේතුවක් නිසා සමහර විට image එක load නොවෙන්න පුළුවන් අන්න ඒ වගේ වෙලාවකදී මේ alternate text එකට user පෙන්න පටන් ගන්නව.
<img src="path to image.jpg" alt="some text">
තව අපිට image එකේ දිග, පළල සඳහා අගයන් දෙන්න පුළුවන්,
<img src="path to image.jpg" alt="some text" height="480" width = "640">
අපි වෙබ් පිටුවකට Image එකක් එකතු කරනවා නම් එහි දිග, පළල සඳහන් කිරීම ඉතා වැදගත් එසේ කිරීමෙන් අපිට වෙබ් පිටුව සෑම විටකදී වගේම සෑම web broඅser එකකදීද නිසි ආකාරව දර්ශනය වීමට හැකියාව ලබා දෙනවා....
අපි තවත් පාඩමකින් හමු මෙමු............
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon