Pages

Sunday, November 29, 2015

Data කැපෙනවා වැඩිද...? (මෙන්න විසදුම්)

හැමතැනකදිම Data කැපෙන එක අඩු කරගමු.


මේක නම් හැමෝටම නොවුනත් ගොඩක් අයටනම් අළුත් දෙයක් කියලා මම දන්නවා. මොකද ගොඩක් අය දැන් මෛත්‍රී මාමා දුන්න 100mb නෙ එන්නෙ... (මඩ ගැසීම නවතා ඇත...) ඒ නිසා උබලට Hi-Speed Internet Speed එකක් ඇති. ඇත්තම කියනවා නම් මට තියෙන්නෙ 15kbps Speed එකක් විතරයි. බොරු කියලා හිතෙනවා නම් මෙන්න බලහල්ලකො.


දැන් උබලටම තේරෙනවනෙ මේ හැමදේම කරන්නෙ ඔය ස්පීඩ් එකෙන් කියලා. ඔව් ඔව් 3G නෑ, 2G ම තමයි. ඒවා ඕනෙ නෑ දැන්. එහෙනම් දැන් ඉතින් මේවා කියපු එකට හේතුවක් තියෙන්නත් එපැයි. ඒ නිසා කියන්නම්. කොටින්ම කිව්වොත් ඉස්සර මම මේ විදිහට තමයි හිටියෙ.


මම මේ කියන්න හදන්නෙ මගෙ ස්ලෝ කනෙක්ෂන් එකට මම උත්තර හොයාගත්ත විදිහ. FB, Mail, ලොකු ලොකු සයිට්, බ්ලොග් මේ හැම එකකටම යන්න වෙනවනෙ. ඉතින් කනෙක්ෂන් එක ස්ලෝ නිසා පොඩි පොඩි දේවල් ටිකක් කරලා රින්ගනවා. ඒ ටික තමයි කියලා දෙන්න හදන්නෙ... එහෙනම් පටන් ගන්නම්.

Facebook -
Facebook යද්දි ‍සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර ස්පීඩ් එකක් ඕනෙ වෙනවා. නැත්තම් නිතරම Of-line තමයි‍... හරි අදින් පස්සෙ එහෙම වෙන්නෙ නෑ. ඔයාලා FB යද්දි මේ ලින්ක් එකෙන් යන්න.

Facebook Fast Connection Link

මේකෙන් යද්දි පොඩ්ඩක් වෙනස් විදිහට පේන්න තියෙයි. ගණන් ගන්න එපා. මොකද අපි දැන් FB යන්නෙ PC version එකෙන් නෙවෙයි, Mobile version එකෙන්....

Gmail -
දැන් බලමු අපේ මේල් එක ගැන. මේකත් අර විදිහම තමයි. මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. 5kbps ස්පීඩ් එකක උනත් බය නැතුව යන්න පුළුවන්.

Gmail Fast Connection Link

ගිහිල්ලම බලන්න. මුල් ටිකේ හුරු නැතත් පස්සෙ හුරු වෙයි.
Large Web Sites -
දැන් කියන්න හදන්නෙ ඔය ලොකු ලොකු සයිට් වලට Data අඩුවෙන් කපාගෙන රිංගන්නෙ කොහොමද කියලා.මුලින්ම ඔයාලට යන්න ඕනෙ සයිට් එකේ ලින්ක් එක ඔයාලගෙ බ්‍රව්සර් එකේ ටැබ් එකේ ගහන්න. දැන් ඒක ඉස්සරහට m. කියන කොටසත් එකතු කරගන්න.

උදා - www.m.gmail.com

ගොඩක් සයිට් මේ විදිහට සපෝර්ට් කරනවා. සමහර ඒවා නම් නෑ. ඒක මගෙ වරදක් නෙවෙයි ඈ...

All Blogs -
මම නම් ගොඩක් බ්ලොග් කියවනවා. හැබැයි මේ විදිහට කියවනකොට Data කැපෙන්නෙ පේජ් එකකටම 50kb වගේ. ෆට්ට නේ... ඒ මදිවට ඔය එහෙන් මෙහෙන් පනින කෑලි පනින්නෙත් නෑ... මේකෙත් මුලින්ම ඔයාලට යන්න ඕනෙ බ්ලොග් එකේ ලින්ක් එක Address Bar එකේ ගහන්න. ඊළගට මෙන්න මේක /?m=1 ලින්ක් එකට එකතු කරගන්න.

උදා - http://www.sinhalahackz.blogspot.com/?m=1

එහෙනම් මට යන්න අවසරයි. පුළුවන් නම් දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා පහල තියෙන අර කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙනම යමු ඈ....

හැකින් ඉගෙන ගන්න ඕනෙ අය ඉන්නවා නම් අපේ ෆෝරම් එකට එකතු වෙන්න. ලින්ක් එක පහලින් දාන්නම්.

www.yakadaya.com

3 comments:

  1. niyamai sahoo....data ithuru kraganna krama mee elama....thnks
    :p

    ReplyDelete
  2. හෆ්ෆට එලම බන් නියමයි

    ReplyDelete
  3. හෆ්ෆට එලම බන් නියමයි

    ReplyDelete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....