මොකක්ද මේ Firewall කියන්නෙ?


ෆයර් වෝල් එකක් කියන්නේ ඔයාලගේ පරිගණකය හා ඔයාලා සම්බන්ධවෙන පරිගණක අතර තියන ආරක්ෂක බැම්මක්, ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ උනහම ඔයාලා බාහිර ලෝකයට නිරාවරණය වෙනවා.  එතකොට ඔයාලගේ පරිගණකයේ තියන පෝට්ස් ඇරීමක් සහ වැසීමක් සිදුවෙනවා අපි වැඩිපුරම බාවිතාකරනවා ඔයලට ඇහිලා ඇති පෝට් 80 කියලා වචනයක් අන්න ඒ පෝට් එක හරහා තමා අපි අන්තර්ජාලයට ගොඩක් වෙලාවට කනෙක්ට් වෙන්නේ ඒවගේ තව පෝට්ස් ගොඩක් තියනවා.ෆයර් වොල් එකක් මගින් කරන්නේ වැඩකට නැති ඇරිලා තියන පෝට්ස් වහලා දාන එකයි ෆයර් වෝල් එකක් ඔයාලා අන්තර්ජාලට සම්බන්ධ වෙනවානම් ඔයාලගේ පරිගණකයේ තිබිය යුතුමයි.

ෆයර් වෝල් එකක් තිබ්බේ නැත්නම්.....

ඔයාලගේ පරිගණකයේ ෆයර් වෝල් එකක් තිබ්බේ නැත්නම් ඔයාලගේ පරිගණකය එක මොහොතකදී ප්‍රහාරයකට ලක් වෙන්න පුලුවන්, ඒ වගේම පරිගණක වයිරස,වර්ම්ස්,ට්‍රෝජන්ස් වගේ ඒවා ඔයාගේ පරිගණකය හොයාගෙන ඇවිත් පරිගණකයේ ස්ථාපනය වෙයි

ෆයර් වෝල් වර්ග..... 

ප්‍රධානවම අපිට ෆයර් වෝල් වර්ග දෙකක් හම්බෙනවා දෘඩාංග ෆයර් වෝල්ස් සහ මෘදුකාංග ෆයර් වෝල්ස්, දෘඩාංග ෆයර් වෝල් කියලා අපි හදුන්වනේ ඔයාලගේ රවුටර් වල තියන ෆයර් වෝල්ස්, මෘදුකාංග ෆයර් වෝල් කියලා කියන්නේ ඔයාලා බාහිරින් ඉන්ස්ටෝල් කරපු ෆයර් වෝල් මෘදුකාංගයි, හැකර් කෙනෙක් ඔයාලගේ පරිගණකයට එනවානම් ඉතින් මේ ඔක්කෝගෙන්ම බේරිලා ඇතුලට එන්න ඕන.

මොනවාගේ ෆයර් වෝල්ද හොද?

මමනම් කියන්නේ කැස්පර්ස්කි හරි බිට් ඩිෆෙන්ඩර් කියන වයිරස් ගාඩ් දෙකෙන් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියන එකයි මේ දෙකේම ඉතා හොද ෆයර් වෝල් එකක් අන්තර්ගත කරලා තියනවා ඉතින් දැන් දන්නවානේද ගිණි බිත්තියක තියන වටිනාකම ඒ නිසා ගිණි බිත්තියක් දාගන්න අමතක කරන්න එපා,වින්ඩෝස් සමගනම් එකක් එනවා වයිරස් ගාඩ් එකත් දාගන්නවානම් තමා නේද හොද....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon